Thursday, April 9, 2015

වසන්තයට මගේ කොටහ...


ඔන්න ඉතිං කාලෙකට පස්සෙ බ්ලොග් වසන්තයක් කියල එකක් ඇවිල්ල තියෙනවනේ හිටං. ඉතිං ඔය රාජ්, දුමී වගෙ කට්ටියක් ඉල්ලල තිබ්බ මේ ලටපටෙත් මළකඩ කඩල මොනව හරි ලියල දාපං කියල. මාත් නිකං ඉන්න එකේ වයර් බ්‍රෂ් එහෙම හොයාගෙන අත හොල්ලන්න හිතුව. (හරි හරි වෙන ඒවත් හො‍ලෝනව තමයි අවශ්‍ය වෙලාවට)

ඇත්තටම මොකා පටං ගත්තත් මේ වසන්ත වැඩේ හින්ද මෙච්චර කාලයක් හැංගිලා හිටපු බ්ලොග් කාරයො ටිකකුයි, බුකියෙ පදිංචි වෙලා හිටපු බ්ලොග් කාරයො ටිකකුයි අලුතෙන් පෝස්ට් දාල තිබුණ. උං ලියල තියෙන ඒව කියෝනකොට අපරාදෙ මුං ලියන්නෙ නැතුව ඉන්නෙ කියල හිතෙනව. ඒත් ඉතිං අපි මොනව කරන්නද. හැබැයි මේ දවස්වල කට්ටිය ලියන ලියවිල්ලට කියවල කොමෙන්ට් කරන අපි වගේ අය තමයි අනාත වෙන්නෙ.

ඒ වගේම අර රයිටර් පැතුම, පත්තිරු ගැමිය, ගමන් මගේ මගිය වගේ තව සෙට් එකක් ඉන්නව කැලේ පැනල. උං ටිකත් ලියන්න පටං ගත්තනං හරි කියල හිතෙනව. එතකොට දැන් අලුතෙන් ගේමට බැහැල ලස්සනට කතා ලියන සෙට් එකකුත් ඇවිල්ල ඉන්න එක සිංහල බ්ලොග් ලෝකෙ අනාගතේට සෑහෙන්න වටිනව. ඉතිං මේ වසන්තෙ දිගටම පවතීවා කියල හිතන එක සිංහල බ්ලොග් කලාවට ආස කාගෙ උනත් ප්‍රාර්ථනාව වෙනව ඇති.

එතකොට මේ මාසෙ 19 වෙනිද සයිබර් බක්මහ උළෙලත් පවත්තන්න කට්ටිය ලෑස්ති වෙලා ඉන්නවනෙ. ඔය අලුතෙන් ලියන්න පට්ට‍ාං ගත්ත අයයි, පරණ අයයි දෙගොල්ලන්ටම එතනදි සෙට් වෙන්න බැරියැ. මටනං එන්න වෙයිද කියල ශුවර් එකක් නෑ. උපරිම ට්‍රයි එකක් දෙනව.

ඉතිං එහෙනං ලබන්නා වූ අලුත් අවුරුද්ද මේ කෙහෙල්මල කියෝන හැමෝටමත්, සිංහල බ්ලොග් ලියන හැමෝටමත් ප්‍රීතිමත්, නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පතල නවතින්නං.




ප.ලි.
(ගල් බලකායේ පින්වතුන්ගේ අවධානය පිණිසයි)

මේ මස 12, 13, 14 යන තෙදින ගල් බලකායේ ශාඛා කාර්යාල සියල්ල වසා තැබීමට තීරණය කර ඇති බැවින් බඩු අවශ්‍ය අය කලින්ම රැගෙන ගොස් ගඩබා කරගන්නා ලෙස දන්වා සිටිනව.

59 comments:

  1. අම්මට සුඩු.. තුන අමතක බුවාට වසන්තයා මතක් වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තුන වගේද බොල වසන්ත. හැක්...

      Delete
    2. උඹෙ $$&*$^$*$%_()+_$ර්‍!$ර්‍$)($ර්‍*^ර්‍(%$^&ර්‍$$%ර්‍$$&ර්‍$$ර්‍&^$*ර්‍$^(*$&$*_$(_)$(_ර්‍

      (මෙය පරිවර්ථනය කළ නොහැක.)

      Delete
    3. උඹට ඕනමනං පරිවර්ථනය කරල දෙන්නං.

      Delete
  2. අම්මට සිරි ප්‍රසන්න අය්යේ ....දොර ඇරගන්න අමාරු උනේ නැතෙයි ...හැක් හැක්

    වසන්තයේ මල් පොකුරු නෙළා
    ඔබ මා දෝතට ගෙනෙන තුරා
    මඟ බලමින් මා සිටියා
    සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
    සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

    අහස පොළොව ගිනියම් අව්වේ
    ගහකොළ මැලැවෙන ගිම්හානේ//
    අවසානේ ඔබ ආවා

    ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
    සුළඟේ විසිරෙනු මා දුටුවා
    සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
    ඔබගේ රුව මා දුටුවා
    ඔබගේ රුව මා දුටුවා


    ගී පද - මහගමසේකර
    සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව

    (ගල් බලකායේ සාමාජිකයන් වෙත කරන කාරුණික නිවේදනයයි ..එක බෝතලයක් හරි දැන්ම හොරෙන් අරන් තබා ගන්න .බොන්න නෙවෙයි බල බලා ඉන්න )

    ReplyDelete
    Replies
    1. දොර ඇරගන්න සෑහෙන්න මළකඩ තොගයක් කඩන්න උනා.
      සින්දුවට ස්තුතිය.

      ඔය උඩිංම කොමෙන්ට් කරල තියෙන එකානං බල බල ඉන්න එක විතරයි කරන්නෙ. :D

      Delete
  3. ප්‍රසා ගෙ බොගක් තියෙනව කියල මං දැනං උන්නෙත් නෑ.. මං හිතුවේ කොමෙන්ටෙකක් කොටල යනව විතරයි කියල.. සූ ගාල අවුරුද්දකට හරියටම එක ගානේ.. ඒත් ගිය අවුරුද්දට හැර.. ලියල තියෙන්නේ.. මං මේ කල්පනා කරේ මේ ඔක්කොම කොහොම කියවල ඉවර කරන්නද කියලා.. එළකිරි. ඔන්න 19 එන්නම ඕනි බොරු බෑ.. ජය ශ්‍රී!

    ප.ලි. වසන්තයා මාර අයිස් කැඩිල්ලක් තමයි කඩල තියෙන්නේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. අපොයි නොදැන ඉන්න තරමටම තමයි හොඳ. පේනව නේද අර එකෙක්ගෙන් බේරෙන්න බැරි හැටියක්.

      Delete
  4. එල එල හොඳයි ආපහු ආරම්භයක් දීපු එක.
    මේකට මුල ඉඳලම සම්බන්ධ වෙලා ඉඳල මට තාම එක ලිපියක්වත් ලියාගන්න වෙලාවක් නැති උනානෙ. :(

    ReplyDelete
    Replies
    1. තාම පරක්කු නෑ. ලියල දාමු.

      Delete
  5. ඔන්න බොලේ දැන් තමයි වසන්තයට එරබදු මල් පිපුනේ.....!

    ලියවෙන ලිවිල්ලට බැහැයි කියලා බෑයි කියලා හිතලා කිවයවන එකයි තියෙන්නේ...!

    ReplyDelete
    Replies
    1. කියවන එකනං කොහොමත් කරනවනෙ. ලියන එක තමයි ඉතිං....

      Delete
  6. තුනට නැති එක වසන්තයට ආවනේ ඒ මදැයි. මට වෙලාවකට හිතෙන්නේ ප්‍රසන්නට තියෙන්නේ කතා කරනකොට ටයිප් වෙන කොම්පීත්රයක්ද කියලා, මොකෝ අතෙන් ටයිප් කොලා නම් මීට වඩා ලියවෙන්න ඕන. කතාකර්වන එකනේ අමාරුම වැඩේ මෙයාව

    ReplyDelete
    Replies
    1. වසන්තය බෙල්ල මිරිකුවනෙ ඉතිං කොහොමෙයි නෑවිත්.
      අන්න ඒ ජාතියෙ එකක් තමයි තියෙන්නෙ. :D

      Delete
  7. ඔබේ ලිවීම එන්න එන්නම දියුණු වෙනවා
    දිගටම ලියන්න ඔය විදිහටම
    අපි එනව කියවන්න
    ජය!

    ReplyDelete
    Replies
    1. තිස්සයිය විහිළු කරනවද මන්ද.

      Delete
  8. වසන්තයේ නියම අගය වැඩි වෙන්නේ මේ වගේ හරවත් ලිපි තියෙන බ්ලොග් නැවත ලියවෙන කොටයි!

    ReplyDelete
    Replies
    1. උඹත් අර කෙහෙල් කොටුවෙ වල් ටික එහෙම සුද්ද කරල ගනිංකො.

      Delete
  9. අර වේසකයට වැඩිය නං හොඳයි!

    ReplyDelete
  10. හම්මේ මං ආවට පස්සෙ දැකපු දෙවැනි එක. දිගටම ලියමුකො වසන්තේ පිට දාල හරි... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.
      ස්තුතියි.

      Delete
  11. මෙකට කමෙන්ටුවක් කෙටුවමද කොහෙද හැක් .....
    වසන්තය නිසා හරි කමක් නෑ පොස්ටුවක් දලා
    ජය ....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව.

      Delete
  12. හප්පේ වසන්තයාට ස්තූති වෙන්න මේ අවුරුද්දට පෝස්ට් එකක් වැටිලා ලටපට අස්සට..

    ReplyDelete
    Replies
    1. කොහෙද වසන්තයගෙන් බේරිල්ලක් නෑනෙ.

      Delete
  13. මේ වසරේ පලමු සහ අවසන් පෝස්ටුවද බොස් මේ,,,මොනා උනත් ලෝකෙ එක එක රටවල ජනාධිපතිලා ඇවිත් කමෙන්ට් කරපු බොගක් මේක,,පාලු වෙන්ට දෙන්න එපා

    ReplyDelete
    Replies
    1. දැන් ඒ ජනාධිපතිල යහතින් ඉන්නවද මන්ද.

      Delete
  14. අම්මේ කොන්ක්‍රීට් බ්ලොගයෙ ලිපියක් දාලා.

    ReplyDelete
    Replies
    1. සිමෙන්ති ලාබ කළානෙ.

      Delete
  15. හනේ බං උඹ ලියපු පෝස්ටුවක් දැකපු කල්... වසන්තයට පිංසිද්ධ වෙන්නවත් තව කීපයක් වත් ලියහං ප්‍රසා...

    ReplyDelete
    Replies
    1. වසන්තයට උනත් ඕනවට වැඩිය දගලන්න දෙන්න හොඳ නෑනෙ.

      Delete
  16. #මේ මස 12, 13, 14 යන තෙදින ගල් බලකායේ ශාඛා කාර්යාල සියල්ල වසා තැබීමට තීරණය කර ඇති බැවින් බඩු අවශ්‍ය අය කලින්ම රැගෙන ගොස් ගඩබා කරගන්නා ලෙස දන්වා සිටිනව#
    දැන් හොරෙන් ගන්නත් බෑ... CCTV ගහලනේ.....හැක්!

    ReplyDelete
    Replies
    1. හොරෙන් ගන්න ගිහිල්ල මෙහේ දෙන්නෙක් ඇතුලට ගියා දැන් ටික දවසකට කලින්.

      Delete
  17. ප්‍රසා....................

    වසන්තය බල්ලාට ගියාවේ.. වටින්නේ අායෙම ලියන ඒකයි.. අැත්තටම මේ ලිපිය හිතට ලොකු සතුටක් ගෙනාවා... පැරැන්නෝ හැමෝම ඒනවා නම් තවත් හොදයි.. දුමී ලියුවා..... අනික් සෙට් ඒකටත් අඩගහමු.... අැත්තට ම වැදගත් ඔබ වැන්නන් මේ පැත්තට ඒන ඒක.. ඒන ඒක විතරක් නෙමෙයි දිගට ම ලියන ඒක

    ReplyDelete
    Replies
    1. මම ලිව්වෙ නැති උනත් ඔය දුමීල වගේ රසට ලියන අය නොලිය ඉන්නැතිව මේ වසන්තෙන් පස්සෙ උනත් දිගටම ලියයි කියල මාත් ප්‍රාර්ථනා කරනව.

      Delete
    2. නෑ............ නෑ.................. උනුත් ලියයි.. උඹත් දිගට ම ලියහං.... නැත්තං ඉතින් දන්නවානේ..........

      Delete
  18. දෙමළ නයන්නාට මම නම් බනින්නේ නෑ. මොකද මේකා ලියනවට වඩා අනිත් ඒවගේ කමෙන්ට් වලින් හොඳ හොඳ සෙල්ලම් පෙන්නලා තියෙන නිසා. වැඩේ තියෙන්නේ යස අපූරුවට ලියපු බොහෝ දෙනෙක් එක තැන කඩා වැටිච්ච එකනේ. මොනවා නැතත් අවුරුදු උත්සවේට වරෙන්, නැත්නම් ගල් බලකායෙන් නෙරපනවා.
    සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ.
      උත්සවේට එන්න ෆුල් ට්‍රයි එකක් දෙනව. හැබැයි ඉතිං ඒකෙත් ගල් නෑ තියෙන්නෙ විස්කි නෙ. :D
      සුදීකටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

      Delete
  19. ප්‍රසන්ණ අයියගෙන් ලිපියකුත් ඔන්න කියෙව්වා... වසන්තයට ජයවේවා.... ලියන්ට අයියා ලියන්ට... ඔයගෙත් සුපිරි කතා තියෙන හැඩයි..
    ජයවේවා...!!!

    ReplyDelete
    Replies
    1. සුපිරි කතානං තියෙනව. ඒව ලිව්වොත් කවුරුවත් කියවන එකක් නෑ. :D
      වසන්තයට ජයවේවා !!

      Delete
  20. ඡයවේවා
    බ්‍රෑන්ඩ් එක ගල්
    මම නම් පැලුනා

    ReplyDelete
  21. අවුරුද්දකට එක ගානෙ ලියල දාන එකත් මාර ගති නේ ප්‍රසන්න අය්ය

    ReplyDelete
  22. හලොව් ප්‍රසන්න අයියා ...............
    පෝස්ට් එක දාලා මාස හයකින් කොමෙන්ට් එකක් දැම්මට මක්ක වෙනවැයි...
    අපි දිගටම ලියමු == ලියලා මේ බොලොක් ලෝකේ ගොඩදාමු...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මක්ක වෙන්නෙයි.
      උඹට මා ගානෙ තාප්පයක් ගහල දෙන්නං මේකෙ.

      Delete
  23. හැමදාම කමෙන්ට් වල දකින ඔබතුමාගේ බ්ලොග් එකට ආවේ අද. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ආයි ඉතිං ආව කියල අහවල් දෙයක් බලන්නයැයි :D
      ආවට ස්තුතියි. ජයවේවා !

      Delete
  24. කෝ මේ දෙමළ නයන්න අයියා මුකුත් ලියලා නෑ නෙ
    හැමතැනම දාන හිනා නවත්තගන්න බැරි කමෙන්ට් වලින් පාර හොයන් ආවෙ පෝස්ට් එකක් කිය්වලා වැඩිපුර හිනා වෙන්න..

    කෝ මෙහෙම නොලිය ඉන්න එක ජාතික අපරාදයක්. ඕ යෙස්..

    ReplyDelete
    Replies
    1. අපරාදයක් කියන්නෙ ජාතිකම එකක් තමයි ඉතිං.
      මේක ලියනකල් බලා ඉන්න එපා බොලල්ල. ඔය කොමෙන්ට් එකක් කියෝල ආතල් එකක් ගන්න එකයි තියෙන්නෙ.

      Delete
    2. නෑ නෑ ප්‍රසන්න අයියා. ඇත්තටම කියන්නෙ ගොඩ දවසකින් මුකුත් පෝස්ට් කරලා නැති නිසා එකක් ලියමුකො. අපිටත් හිනා වෙන්න

      Delete
    3. බලමු බලමු. ලිවුවට පස්සෙ අඬන්න වෙයිද දන්නෑ. :D

      Delete
  25. මමත් අලුතෙන් බ්ලොග් එකක් පටන් ගත්තා. ඒකට පොඩි සප් එකක් ඕන මචන්....
    ජය වේවා!!!

    ReplyDelete
  26. 2016 වසන්තයට මගේ කොටහ...????

    ReplyDelete