Wednesday, May 4, 2016

නෙළුම් පිපුණා මැයි මහේ...

අපේ පැත්තෙ ඉන්න බ්ලොග් ගල් ටික එකතුවෙලා කරපු පිං අතේ වැඩක් ගැන මම මීට කලින් මෙතන කියල තියෙනව. ඉතින් මේ වැ‍ඩේ කරල ටික කාලයක් ගතඋනාට පස්සෙ නෙළුම් යායෙන් අපිට යෝජනාවක් ඉදිරිපත් කළා තවත් මේ වගේ වැඩක් කරනවනං උදව් දෙන්න කැමතිය කියල.

මේ යෝජනාවෙන් පස්සෙ අපේ විදානේ මහතා පෞද්ගලිකව පාසල් කීපයකට ගිහිල්ල කරන ලද හොයාබැලීම් වලින් පස්සෙ යෝජනා කරන ලද අවශ්‍යතා වලින් ර/බළ/වැලි උඩරංවල විද්‍යාලයට අවශ්‍ය ඡායා පිටපත් යන්ත්‍රයක් ලබාදීමේ කාර්යයට මැදිහත්වෙන්න කට්ටිය තීරණය කළා.



මෙම විදුහලට ඡායාපිටපත් අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට වුවහොත් පයින්වත් යා නොහැකි අති දුෂ්කර මාර්ගයක  කිලෝ මීටර් හයක් පමණ දුර ගෙවා උඩවෙල නගරයට යාමට සිදුවෙනවා. මෙම දුෂ්කරතාවය නිසා මෙම පාසල මගින් රුපියල් පහක් වටිනා කොටු කපන කාඩ් පතක් සියලු සිසුන් වෙත ලබාදී තිබුණත් පාසලේ ළමුන් පැතිරී ඇති වපසරිය කුඩා නිසා එය සාර්ථක වී තිබුණේ නැහැ.


මේ සිද්ධිය දැනගත්ත අපේ සබරෙ ඇනෝ තමන් වැඩකරන ආයතනය තුල පරිහරණය කරන ලද‍‍, සුළු අලුත්වැඩියාවකින් පසු නැවත භාවිතයට ගත හැකි ඡායාපිටපත් යන්ත්‍රයක් ලබාදීමට හැකියාව ඇති බව ප්‍රකාශ කළා. එසේම ඒ යන්ත්‍රය සඳහා භාවිතා කරන ටෝනර් තුනකුත් ඒ සමගම ලබාදිය හැකි බව ප්‍රකාශ කළා.

ඉන් පසුව එම යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා යොමු කර ඒ සඳහා යන වියදම නෙ‍ළුම් යාය, සබරෙ ඇනෝ, මධුමාදවී, විදානේ, කුරුටු පවුල සහ මා විසින් දරනු ලැබුවා. එම යන්ත්‍රය අලුත්වැඩියාවෙන් පසු ඉතුරු වූ මුදලින් එම පාසලේ ඉගෙනුම ලබන ළමුන් 252 දෙනෙකුට බෙදා දීම සඳහා අභ්‍යාස පොත් පන්සිය අසූවක් සහ A4 බන්ඩල් එකක් මිලදී ගන්නටත් හැකියාව ලැබුණා.

මේ සියලු උපකරණ සහ පොත් පත් රැගෙන 2015-05-03 වැනි දින මාත්, විදානේ සිය බිරිඳ සහ දරුවාත්, කූගෑගීප තුෂාරත්, සබරේගේ මිතුරියක් වන රූපිකා මිසුත් අති දුෂ්කර ගමනකින් පසු මෙම පාසල වෙත ලඟා උනා.

අප විදුහලට පැමිනීමේදී විඳින්නට සිදුවුනු අපහසුතාවය නිවන්නට විදුහල්පතිනිය විසින් උණුසුම් තේ පැන් සංග්‍රහයක් අප වෙනුවෙන් සූදානම් කොට තිබුණා.


ඉන් අනතුරුව විදුහලේ ප්‍රධාන ශාලාවේ සූදානම් කර තිබූ චාම් උත්සවයකදී මෙම උපකරණ සහ තිළිණ සංකේතාත්මකව එම පාසල වෙත සහ දරුවන් වෙත ප්‍රදානය කරනු ලැබුවා.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ විදුහල්පති තුමිය‍‍, නියෝජ්‍ය විදුහල්පතිතුමා නෙළුම් යාය මගින් මේ කරන ලද ක්‍රියාව අගය කළේ තමන් ඡායා පිටපතක් සඳහා මෙතෙක් කාලයක් විඳින ලද දුෂ්කරතාවය නිම කිරීම ගැන සතුටු සිතින්. එසේම විවිධ ආයතන වල තිබෙන මිතුරු සංගම්, තමන්ට 'ආතල් එකක්' ගැනීමට පමණක් එක්වන මොහොතක මෙවන් සමාජ සත්කාරයක් සඳහා එකතු උණු නෙළුම් යාය සැබැවින්ම මඩෙන් උඩට මතුවූ නෙ‍ළුමක් බව ඔවුන් ප්‍රකාශ කළා.

එසේම එම අවස්ථාවේ එම පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක දරුවා දැක්වූ අදහස් වලින්, මිතුරුකමේ එකමුතුවෙන් මහා දෙයක් කළහැකි බව ඒ පාසලේ දරුවන් ටික දෙනෙකු හෝ වටහාගෙන ඇති බව තහවුරු උනා. එසේම නෙ‍ළුම් යාය බ්ලොග් මිතුරෝ වැනි වචන ඔවුන් කිසිම පැකිලීමකින් තොරව උච්චාරණය කළ ආකාරය අැසීමෙන් ඉදිරියේ යම් ප්‍රවණතාවයක් ඇතිවීමේ සුබ ලකුණු මතුවෙන බව පෙනුනා.


විදුහලේ නිවේදිකාව







පොල්තෙල් පහන දල්වමින්

විදුහල්පතිනිය පිළිගැනීමේ කතාව කරමින්

ප්‍රධාන ශිෂ්‍යනායකතුමා

නියෝජ්‍ය විදුහල්පතිතුමා

යන්ත්‍රය පාසල වෙත භාර දීම

පාසලෙන් ලැබුණු තිලිණය පිළිගන්නා විදානේ තුමා

විදානේ මහතාගේ හරවත් දේශණය අතරතුර...



පාසලේ ළමුත් වෙත සංකේතාත්මක පොත් ප්‍රදානය

පාසල විසින් අපගේ මෙම ක්‍රියාව අගය කරමින් මෙවන් පද පෙළකින් ඔවුන්ගේ තුතිය ලබා දුන්නා.

මෙම කර්තව්‍යයන් අවසානයේ සතුටු සිතින් අප නැවත ගම් බිම් කර‍ා පැමිණියා.

මෙම කාර්යය සාර්ථක කරගන්නට මුල්වූ සහ උදව් උපකාර කළ සෑම දෙනාටමත්, සෑම ආයතනයකටමත් මගේ ස්තුතිය මේ අවස්ථාවේ පුදකරන්න කැමතියි. එසේම නැවත නැවතත් දැයේ දුවා දරුවන්ගේ සිත් තුල මල් පුබුදන්නට ඔවුන්ට හැකියාව ‍ලැබේවා කියා පතනවා.



ප.ලි. ඔබටත් මෙවන් වැඩකට දායක වීම සඳහා අවස්ථාවක් විදානේගේ ** දානයේ අවසානයේ සඳහන් කරල තියෙනවා. පුලුවන්නං එතෙන්ට ගිහින් එය කියවා බලල කරන්න පුලුවන් දෙයක් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනව.

මේ සම්බන්ධ කුරුටු ගේ ලිපිය.....

125 comments:

  1. අදයි මේ පැත්තේ ආවේ..
    ඒකත් කියවන්නම්...
    අගේ කළ යුතු වැඩක්.. සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. //"අදයි මේ පැත්තේ ආවේ."// මට හිනා යනවා හලෝ , ඉතිං අපි බ්ලොග් ලියන්න ගත්තට පස්සේ මේ යකා අදනේ ලිව්වේ ..හැක හක

      Delete
    2. ආ එහෙමත් එකක්ද???

      එහෙනම් හරිම දවසෙ මං ඇවිත් තියෙන්නේ...`

      Delete
    3. මේක නිර්මාණි මාර දුකක් විදලා බය කරලා ලියවන්න ඕන බ්ලොගයක්...... ලිව්වේ නැත්තං කඩේ කුඩු කරනවා වගේ දේවල් කිව්වා ම විතරයි මේක ලියන්නේ......

      Delete
    4. නිර්මානි, ඔය එක එක්කෙනා කියන දේවල් වලට බයවෙන්න එපා. හැබැයි ඉතිං බ්ල‍ොග‍ේ නං ලියන්නේ නෑ තමයි ස්තූතියි අැගයීමට.

      ලව් පූෂා, යූ ආර් ටූ ලේට් මෑන්. හැක්..

      කුරුටු, හික්. හැක්.....

      Delete
  2. ලොකු පිනක්! අගේය. සුබ පැතුම් සහෘදයා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගල්.............

      ප්‍රසන්න

      Delete
    2. ස්තුතියි ඩීන් අයියා...

      Delete
  3. අඩේ . . . උඹ පෝස්ට් එකක් ලියල :D ඇඩෙනව සන්තෝසෙට

    ReplyDelete
    Replies
    1. මට ලියන්න ම හිතුණා බං.... කවුරුවත් ම කිව්වේ නැහැ....

      ප්‍රසන්න

      Delete
    2. විලි ලැජ්ජාවේ බෑ සන්තෝසෙයි වගේද ඕනේ.

      Delete
  4. Replies
    1. ආ........... එක ගලෙන් කුරුල්ලෝ දෙකයි........

      ප්‍රසන්න

      Delete
    2. කමියා, බොලාටත් විශේෂ ස්තුතියක් කරන්න ඕන. හැක්..

      Delete
  5. ඉතාම අගය කළයුතු වැඩක්. බළන්ගොඩම හිටියත් දායක වෙන්න බැරි වීම ගැන හිතට අමාරු යි. ඇත්තටම මේ සූදනම ගැන කිසිවක්ම නොදන්නාකමෙන් සිදුවූ අතපසුවීමක්. අධ්‍යාපනය අතහිත දීම වෙනුවෙන් පාසල් වලට උදව්වීම යනු සැබෑ පින්කම් ලෙස දකින්නෙක්මි සුබපතමි

    ReplyDelete
    Replies
    1. ගුණසිංහ මහතා තාම ලංකාවට ආවේ නැහැ නේද??????????

      Delete
    2. ස්තුතියි ඇගයීම ගැන ගුණසිංහ මහත්මයා. ඇත්තටම මාත් මේ තරං දුෂ්කර පැති තියෙනවයි කියල දැනගෙන හිටියෙ නෑ. තව ඉස්සරහට වැඩ තියෙයි. එකතුවෙලා වැඩ කරමු. ජය...

      Delete
  6. මල් පිපිලා...ජීවිත උයනේ මල් පිපිලා
    ආත්මයේ..දසන්තයේ...
    සුවඳ හමා ...ප්‍රාර්ථනා මල් පිපිලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉන්දික සහෝ.......

      ප්‍රසන්න

      Delete
    2. සිංහයා, ‍උඹල තමයි මේ බ්ලොග් ලෝකෙ වසන්ත කුමාරයො. උඹල ඉන්නකල් මේකෙ හැමදාම මල් පිපෙයි.

      Delete
  7. යකෝ ගොලුපෙත්තප්පුව පොස්ට් එකක් ලියල

    ReplyDelete
    Replies
    1. ඔව් බං මට මේ නිකං ඉන්න ගමන් හවස හිතුණා.... ඉතින් ලිව්වා..... හෙටත් ලියන්න කියලා හිතාගෙන ඉන්නේ........

      ප්‍රසන්න

      Delete
    2. හැක්... ඇයි අපි ලිවුවොත් මොකෑ වෙන්නෙ.

      Delete
  8. Replies
    1. තැන්කූ ඉයන්..........

      ප්‍රසන්න

      Delete
    2. ස්තුතියි ඉයන්..

      Delete
  9. උඹලගෙ වැඩේට බොක්කෙන්ම රෙෂ්පට් එක..!!!

    මං හිතන්නෙ විදානය ඉස්කෝලෙකට ගොඩ උනාමද කොහෙදෑ..චැහ්

    ජය වේවා !!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බං මං ඒකාලේ ඕකාට කට කැඩෙනකල් කිව්වා.... කොහෙද ඉතින් කූඩැල්ලෝ මෙට්ටෙ උඩින් තියන්න බැහැ කියනවානේ පත්තරේ...........

      ප්‍රසන්න

      Delete
    2. ස්තුතියි පත්තරේ.
      විදානය ගැන ඔය තියෙන පිංතූර සාක්ෂි දරයි. හැක්..

      කුරුටු, හොඳ වෙලාවට ඒ පැත්තෙ කූඩැල්ලො හිටියෙ නැත්තෙ.

      Delete
  10. සිත් පහන් වෙන වැඩ... දායක වෙන්න බැරි උනාට කණගාටුයි.ලොකු උනාම මාත් එනවා ඔය වගේ වැඩ වලට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ළගදිම ලොකු වෙයි............ දැන් ඉතින් බැදලා ටික දවසක් වෙනවානේ බං....

      ප්‍රසන්න

      Delete
    2. තාම ජම්බු ගහෙන් වැටුනෙ නැද්ද? හෙටානිද්දම ලොකු වෙයි හැක්..
      ස්තුතියි ගස්.

      Delete
  11. ප්‍රසන්න අයියා සුපිරි පෝස්ටුවක් දාලා නොවැ.............. යකෝ මෙන්න බ්ලොග් වසන්තය වෙනුවට නෙලුම් වසන්තයක් ඇවිල්ලා...........

    පෝස්ටුව එළ.............

    ReplyDelete
    Replies
    1. ආ තුෂාර මල්ලී............ උඹ මට බයික් එක පදින්න දුන්නෙම නැහැනේ.. උඹලා වගේ යාලුවෝ මොකට ද බං.......... මට දැන් හීනෙනුත් පේනවා බයික් එකක පිටිපස්සේ එල්ලිලා ගස් ගල් උඩ යනවා...... යකෝ නින්ද යන්නෙත් නැහැ හීනෙන් ගැස්සෙනවා.......

      ප්‍රසන්න

      Delete
    2. කවුද යකෝ තුෂාර කියන්නෙ. අර මාව බයික්කෙ අලෝගෙන ගිය පොරද. අපොයි, එදා තමයි ඇඩ්වෙන්චර් කියන්නෙ මොනවද කියල මම දැන ගත්තේ. හැක්..

      Delete
  12. මේ පුණ්‍යකර්මය ඉතාමත් වටිනා දෙයක්
    පිස්සු වැඩ කරනවට වඩා මේ වගේ වැදගත් යමක් කරන එක අගය කල යුතුයි.

    ඒ වගේම ප්‍රසාට මේ වගේ පොස්ට් එකක් දාන්න ලැබෙන එකත් පිනක්. නැත්තම් මේක පාලු අම්බලමක්නෙ

    ReplyDelete
    Replies
    1. අන්න දෙපැත්තම බලපු කමෙන්ටුවක්......

      ප්‍රසන්න

      Delete
    2. ඔය දේම තමයි ඉෂාර අර උප විදුහල්පතිතුමත් කිවුවෙත්. එකමුතුකමෙන් කරන්න ඕන මේ වගේ දේවල් තමයි.

      Delete
  13. උඹල ගැන සතු‍ටුයි මචං..!

    ReplyDelete
    Replies
    1. මටත් උඹලා ගැන සතුටුයි මචං.......

      ප්‍රසන්න

      Delete
    2. ස්තුතියි වීයා.. බ්ලොග් ලෝකෙ හැමෝම මේකට දායක උනා වගේ තමයි.

      Delete
  14. කියන්න වදන් නෑ ,.... අර විදානය අවමංගල සබාවේ කතා කරනවා වගේ ඉන්නේ මොකෝ

    ReplyDelete
    Replies
    1. මොකද මචං විදානෙයාගේ ප්ලෑන තිබුණේ ඔය ෆොටෝ කොපි මැෂිම හදාගත්තාට පස්සේ ගෙදර ගිහින් දාගෙන හිමීට කඩයක් දාගන්නයි. වැඩේ ගැස්සුණ නිසයි ඕකා අවුලෙන් ඉන්නේ....

      ප්‍රසන්න

      Delete
    2. කුරුටු කියල තියෙන එක අැත්ත ඉවාන්. මැෂිම නැතිවෙච්ච දුකට තමයි උෟ අස්සය මැරිච්ච කව්බෝයි වගේ ඉන්නෙ. හැක්...

      Delete
  15. නියමයි..

    මම නං කියන්නේ ඔය උත්සව වලදි මුලින්ම කියන්න ඕන ඒ අපහසුතා ඇති පාසැල් වල විදුහල්පති වරුන්ට බොරුවට කෑම ලැහැස්ති කරන්න එපාය කියලා.. ඒක ඒ අයටත් කරදරයක් වෙන්ට ඇති. අනික මේ වගේහිපාටු රැලකට මොටද කෑම.. හැක්..

    ඉතිං නෙළුං යාය සමාජ සත්කාර තව ඉදිරියට යනවා. ඒක සිකුරුයි. ඒකෙන්ම අපි බ්ලොග් ලෝකය පොළවට ගෙන යනවා.. ජය වේවා..

    අර වෙල් විදානෙයා හෑබැටම විදානේද?? මං හිතුවෙම ඕකා හෙන තරුණ එකෙක් කියලය නේ බං..

    ReplyDelete
    Replies
    1. විදානේ අයියන්ඩිත් කරුණයි මීට අවුරුදු විසි තිස්පහකට උඩදි හරියයය......

      Delete
    2. ආ............... සබරේ තාම ජීවතුන් අතර නේද?????????

      Delete
    3. /ඉතිං නෙළුං යාය සමාජ සත්කාර තව ඉදිරියට යනවා. ඒක සිකුරුයි. ඒකෙන්ම අපි බ්ලොග් ලෝකය පොළවට ගෙන යනවා.. ජය වේවා..
      //

      Delete
    4. ආ අමුඩෙ මචං.. අපි තෝසෙයක් කෑවං උඹලට ඉරිසියයි නේද. හැක්..

      //අපි බ්ලොග් ලෝකය පොළවට ගෙන යනවා.// ඒ ඉස්කෝලෙ ඉන්න ළමයි කතාකරපු හැටියට ඒ හීනෙ වැඩි ඈතක නෙමෙයි කියල පේනව.
      වෙල් විදානෙ හිතිං තරුණයි බොල.

      සබ‍රෙ, බොලා ඉන්නෙ අතුරුදං ලිස්ට් එකේ. වහාම පෙනී හිටීම යෙහෙකි.

      අජිත් අයියා, නෙළුම් යාය තමයි සදා දිලෙන්නෙ.

      Delete
  16. නියම වැඩක් ප්‍රසන්න.

    /යකෝ ගොලුපෙත්තප්පුව පොස්ට් එකක් ලියල/ හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් ලේ................ මගේ වැඩ කොහොමත් නියමයි.... හැක්

      ප්‍රසන්න

      Delete
    2. සාමූහික ප්‍රයත්නයක් ලේ...
      මේ වගේ වැඩ වලදි ගොලුවත් කතා කරනව.
      ස්තුතියි.

      Delete
  17. කුරුටුලගෙ පාරෙන් මෙහෙට ආවෙ. හොඳ වැඩක් :) තව තව මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි............ ඔය කුරුටුලා යන පාරේ යන්න එපා උන් ෂුවර් නැහැ.....

      ප්‍රසන්න

      Delete
    2. වැරදි පාරක ඇවිල්ල තියෙන්නෙ. හැක්..
      හැමෝම එකතු උනොත් ලොකු වැඩක් කරන්න පුලුවන් හංසි.
      ස්තුතියි.

      Delete
  18. එළ මචං.... බලමු විදානෙගෙ පැත්තෙ ගිහින් මොකවත් කරන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර.
      බලන්න ඒ ළමයි වෙනුවෙන් මොනවත් කරන්න.

      Delete
  19. greatest thing is the post.wall done.

    ReplyDelete
  20. greatest thing is the post.wall done.

    ReplyDelete
    Replies
    1. යේස් යේස්.. බිත්තිය ඩවුන්..

      Delete
    2. බිත්තිය ඩවුන්නං උඹ හදල දියං. හැක්...

      Delete
  21. ලඟපාත ඉඳලත් වැඩේට සෙට් වෙන්න බැරි උන එකට දුක‍යි... ඒත් වැඩේ අතිසාර්ථකව සිදුවුණ එක ගැන ගොඩක් සතුටු‍යි ප්‍රසන්න අ‍යි‍යා...
    ජ‍යවේවා....!

    ReplyDelete
    Replies
    1. උඹට පොලේ යන්න තියෙන්න ඇති නේද බං..?

      Delete
    2. අපොයි නාපු එකමයි කාරිය.... නැත්නම් පාරේ හැටියට වලවල් වල වැටෙද්දි කෑ ගහයි... මගේ ෆිසික්ස් හිර වුනෝ.... කෙමෙස්ට්‍රි වමනෙ යනවෝ කියලා....මොකෝ මේ දවස් වල එක්සෑම් එකට පත අට එකට සිදල බොනවලුනේ අපේ මලයා.....

      Delete
    3. එක්සෑම් එකට පත අට හින්දලා බොන්නේ මල්ලි විතරනේ.......... එක්සෑම් වලට බයවෙලා වැසිකිලියේ ම ජීවත් වෙන අය පළාත් සභා වලත් ඉන්නවාලු...... හැක්

      ප්‍රසන්න

      Delete
    4. රොහාන් මල්ලි, බොලා මේ වැඩේට සහභාගි වෙන්න බැරි වෙච්ච එක ගැන අවංකවම දුක්වෙන බව මම දන්නව. තව ඉස්සරහට එකතුවෙලා වැඩ කරමු. බොලාගෙ විභාගෙ වැඩේ කරගෙන ඉඳහං. ජය..

      @දේශකයා, ඌ යන්නෙත් ගොඩකවෙල පොලේනෙ. ඒ ගැන මම බලාගන්නං. හැක්..

      @ සබරෙ, අයියෝ මට මැවිල පේනව වර්නියර් කැලිපර, ටෙස්ට් ටියුබ්, ප්‍රිස්ම, පිපෙට්ටු වගේ ඒව මේකගෙ ඔලුවෙන් විසි වෙනව.

      @ කුරුටු, බොලා අත්දැකීමෙන් වෙන්ටැ කියන්නෙ. හැක්..

      Delete
    5. @දේශක යා
      පොලේ යන එක ලේසි මචෝ උදේට කොළඹ බස් වල යනවට වඩා...

      @සබරේ ඇනෝ
      හැක්! මම හැමදාම නානව සබරේ...

      @කුරුටු ගෑ ගී පවුර
      සිරාවට! එහෙම අයත් ඉන්නවද... (යට තියෙන නම මම නම් දැක්කෙ නෑ!)

      @ඵ්‍රසන්ன
      /තව ඉස්සරහට එකතුවෙලා වැඩ කරමු/ අනිවා අයියේ.....අනිවා.. සිරාවට පට්ට දුකයි

      Delete
  22. ඒ ඉස්කෝලෙට උදව්වක් කලාට වඩා සතුටුයි උඹ පෝස්ට් එකක් ලියපු එකට. හෙහ් හෙහ්...
    එළ එළ ඔහොම යන්...
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. ඔහොම යං කියන්න එපා බං....... එළියට ගිය ටිකට තමා මේ කුරුට්ටෝ ඇවිත් මේක වනසලා තියෙන්නේ..... ඒ තියෙද්දි උඹ ඔහොම යං කියනවා...... ආයෙනං හෙල්ලෙන්නෑ කොම්පියුටරේ ළගින්......

      ප්‍රසන්න

      Delete
    2. අද දවසම අපිට ලයිට් තිබුණෙ නෑ බං. ඒ අස්සෙ මේ කුරුට්ටො ඇවිල්ල මම වෙනුවෙන් කඩේ (පොළේ) ගිහිල්ල. හැක්..

      ස්තුතියි ලොක්ක.

      Delete
  23. Replies
    1. මේ තමා ප්‍රසන්නගේ මලදානේ.............. හැක්

      Delete
    2. මේ තමයි කුරුටු ගෑ විදානෙගේ ලටපට. තව ෂොට් එකක් ගැහුවොත් තේරුං ගන්න පුලුවන් වෙයි. හැකක්...

      Delete
  24. එදා හා ඊට කලිනුත් ඉදිරිපත් වෙලා වැඩේ සංවිධානය කරලා කරපු බ්ලොග් ජනතාවට මගේ හිස නමා ආචාර කරමි. ඔහොම යං. බලාගෙන ගියහම මම මේ පැත්තේ වැඩිය ඇවිල්ල නැහැනේ. (මෙයා වැඩිය ලියලත් නැහැනේ). ඒත් කමක් නැහැ වැඩේට ගියානේ.

    ReplyDelete
    Replies
    1. වැඩිය නෙමෙයි කොහොමත් ලියන්නැහැ........

      මීට ප්‍රසන්න

      Delete
    2. ලියල නෑ... අජිත් අයිය මේ පිස්සුනං කෙලින්න එපා. හැක්..

      අයිය තමයි මේ වැඩේට මූලික උනේ. අපේ ආචාරය නෙළුම් යායට.

      Delete
  25. මට අවුල තියෙන්නෙ දෙමළ ණ යන්න වෙනුවට කුරුටු කොමෙන්ට් වැටෙන එකට
    හැක්..

    මේ සද්කාර්යය ඉහළින් අගය කරනව
    එකක් මේ දරු දැරියන්ට දුන්න සහයෝගය වෙනුවෙන්
    අනික ප්‍රසා ලියපු එක හිංද
    හිහි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දැන් මට බොක්කට ම වැදිලා තියෙන්නේ... කමෙන්ටු දදා හිටියට මදි.. දැන් අපිත් ලියන්න ඕනේ..... වසත්තයෙන් නැත්තං ඊළග පාර නෙලුං යායෙන් හරි කීයක් හරි හොයාගන්න එපැයි. ගෙදර උන්දැත් බනිනවා තමුසේ කමෙන්ට් දානවා විතරයි විදානේලා කුරුටුලා කීයක් හරි හම්බකරගන්න තරං ඔලුවක් තියෙන උන් කියලා. ඉතින් මාත් දැන් ලියන්න කියලයි හිතුවේ..........

      ප්‍රසන්න

      Delete
    2. මහේෂ්, කුරුටුල හදන්නෙ වසන්තගෙන් කොමෙන්ට් සම්මාන ගන්න. මාත් එක්ක කොහෙද එවුව. හැක්..
      මේක සාමූහික ප්‍රයත්නයක්. ස්තුතියි අගය කිරීමට.

      Delete
  26. කවුද යකෝ මේ ප්‍රසන්න...
    ඉඳහං බලාගන්න තව ටික වෙලාවකින්.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවාට ස්තූතියි.........

      ප්‍රසන්න

      Delete
    2. මම වැරදි තැනටද කොහෙද ඇවිල්ල තියෙන්.
      ස්තුතියි.

      -අැනෝ කෙනෙක්-

      Delete
  27. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ...........

      ආයෙත් මේ වගේ වැඩක් කරන වෙලාවක මතක් කරන්නම්...... හැකි සහයෝගයක් දක්වන්න.......... මේවා පිං අතේ වැඩනේ......

      ප්‍රසන්න

      Delete
    2. විදානේ, බොලාට කොච්චර කිවුවද මේ වැඩේට උදවු කරහං කියල. උඹ මගෑරියනෙ මේ වැඩේ.
      ඊගාව ප්‍රොජෙක්ට් එක විදියට අපි ඩයලොග් ටවර් එකක් බොලාගෙ ගමේ හයිකරන්න අජිත් අයියත් එක්ක සාකච්ඡා කරනව. එතෙක් ඉවසහං. හැක්..

      Delete
  28. උතුම් සමාජ මෙහෙවරක යෙදුන සැමට අපේ උත්තමාචාරය...

    ReplyDelete
    Replies
    1. මේ වැඩේට සිංහලෙන් බ්ලොග් ලියන හැමෝම සම්බන්ධ උනා වගේ තමා මනෝ.
      ස්තුතියි.

      Delete
  29. මෙන්න කරනව නං වැඩ. මේ වගේ උදව් අවශ්‍ය ඉස්කෝල කොයි තරං නං තියේද ..

    ReplyDelete
    Replies
    1. ඉස්කොල විතරක් නෙමේ නොකී, ගොඩක් ළමයි ඉන්නව උදව් කරන්න. හෙමීට වැඩ කරගෙන යමු. ජය.

      Delete
  30. අපි නැති කාලෙ ප්‍රසා පෝස්ට් එකකුත් ලියල... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොලාල තමයි බං අපිව නග්ගල ගන්නෙ. නැති වෙන එවුවො බෙල්ල මිරිකල හරි එලියට ගන්න හැටිත් අපි දන්නව. හැක්..

      Delete
  31. එල මචෝ
    ඊලග පාරවත් අපි හමුවෙමු

    ReplyDelete
    Replies
    1. ඔවු මචෝ එහෙම කරමු.
      - බ්‍රෑන්ඩ් එක ගල් -

      Delete
  32. මේ වැඩේ ගැන කලින් දැක්කා එත් උදව් කරන විදිහ හොයා ගන්න බැරි උනා. මේ වගේ උතුම් දෙකට දායක වෙන්නත් පිං තියෙන්න ඕනේ. කරදරයක් නෙවෙඉ නම් පුළුවන් උදව්වක් කරන්න මටත් මේල් එකක් එවන්න erandi0508@gmailcom

    ReplyDelete
    Replies
    1. ඊගාව වැඩේ වෙනකොට අනිවාර්යෙන් දන්වන්නං. ස්තුතියි.

      Delete
  33. Replies
    1. ඉඳහං මේ බ්‍රා ගැන පෝස්ට් එකක් ලියන ගමං. හැක්..

      Delete
  34. Replies
    1. අනේ ඉතිං අපි මොනව ලියන්නද?

      Delete
  35. පුළුවන් දෙයක් පුළුවන් තරමින් අවශ්‍ය කෙනෙකුට කරලා දෙන්න තරම් මානුෂික හදවත් ඇත්තන් අගයමි

    ReplyDelete
  36. ඔන්න ප්‍රසන්න අයියේ ආයෙත් ලියන්න පටන් ගත්තා..
    මේ පාරනම් ලියනවමයි.. :-D :-D
    ඔන්න සින්ඩියකුත් හැදුවා..
    සිතුවිලි සිංහල සින්ඩිය

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ලියාගෙන යනවැයි මලයො.

      Delete
  37. Replies
    1. කෝ බොල තෝ. බ්‍රා එකකින් බෙල්ලෙ වැල දාගත්තද? බුකියෙත් නෑනෙ.

      Delete
  38. හොඳ වැඩක් !

    බෝගේට ග්‍රමක්සෝන් මොනවා හරි ගහල වල් පැල ටික සුද්ද කරලා ගත්ත නම් ?

    ReplyDelete
    Replies
    1. පලිබෝද නාශක අනතුරු සහිතයි හිටං.

      Delete
  39. ප්‍රසන්න අයියගේ බ්ලොග් එක දැක්කේ අදනේ. මේ වගේ ඉස්කෝල වලට උදව් කරන එකනම් ලොකු පිනක්. ඉදිරියටත් මෙවැනි වැඩ කටයුතු වල නිරත වීමට ශක්තිය දෛර්‍ය ලැබේවා කියලා පාර්ථනා කරනවා. 😍👌
    බ්ලොග් එක කාලෙකින්ම අප්ඩේට් වෙලා නෑනේ. නරකද ප්‍රසන්න අයියේ ආයේ බ්ලොග් එක පටන් ගත්තොත් 😃

    ReplyDelete
    Replies
    1. ස්තුතියි !

      මේ බ්ලොග් එකනං නොදැක ඉන්න තරමට හොඳයි. හැක්..
      මට පේන්නෙ මට වැඩිය හොඳට බොලාට ලියන්න පුලුවන් වගේ මල්ලි.

      Delete
  40. බොහොම ලොකු කුසලයක්

    ReplyDelete
  41. හිස නමා ආචාර කරනව. ගොඩක් පිං වැඩක් කරලා තියෙන්නෙ

    ReplyDelete
  42. මෙවන් ක්‍රියා අගය කරමි

    ReplyDelete
  43. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  44. ඔහේ මේක ලියන්නැතෙයි...

    ReplyDelete
  45. පොසන්නයෝ උබ සනීපෙන් ඉන්නව නේද

    ReplyDelete
  46. මේකේ මොනවා හරි ලියල බ්ලොග් කලාව නග්ගල ගමුද ආයෙත් ? මේක නතර උනත් හරි බ්ලොග් ටික පාලුවට ගියා..

    ReplyDelete
  47. මේ ඔහේගෙ අඩවියත් ආයේ සුද්ධබුද්ද කරලා ගත්තනම් හොඳ නැද්ද

    ReplyDelete
  48. Replies
    1. බ්ලොග් ලියන්න ගියාම තරු පේනව කියල අහල තිබ්බ එක බොරුම නෙමෙයි. හැක්..

      Delete
    2. හැක හැක තමා.
      ආපු එකේ... මක්ක හරි කොටලා ගත්තනම් බලන්ට හිටං

      Delete