මොනව කරන්නද අවුරුදු දෙකකුත් උනා එහෙනං මගේ බ්ලොග්
කට්ටට. මේ අවුරුදු දෙකට මේක ඇදගෙන යන්න සහයෝගය දුන්න අර කලින් පෝස්ට් බරගානට
කොමෙන්ට් කරල තියෙන අයවලුන්ට ස්තුති කරන්න ඕන.
තව එකක් තමයි මේ ගමන තිබ්බ සයිබර් අවුරුදු උත්සවේට යන්න
මටත් ඇහැක් උනානෙවෙ. ඉතිං ඒකට ගියාට පස්සෙ
මෙච්චර කාලයක් දෑහිං දැකල නැතිව කොම්පීටරයක් හරහා විතරක් දැනගන උන්න බොහො දෙනෙක්
දෑහිං දැකගන්නත් කතා කරන්නත් හම්බඋනා.
යූත් සෙන්ටර් එකේ ගේට්ටුව ගාවදිම හම්බවෙච්ච සුමිත් අයිය
අඳුරන්නෙ නැතුව වගේ ගියාට පස්සෙ ඇතුලෙදි මාර ෆිට් එකක් ඇතිකරගත්ත. ඇතුලට ගියාට පස්සෙ ඉතිං බට්ට, සෑම, රජා,
මඩිස්සලේ නිශානය, වෙනී අයිය, මාරය, අටම, නලින් අයිය, බනිය, සමිය, සුදු මහත්තය, ඇල්කෙමිය වගේ සෙට් එකක්
එක්කම කතාකරන්න හම්බඋනා. ඒ වගේම මම කතා නොකළත් සිහිනය, ඕනය වගේ අය උඹ අහවලා නේද
කියල ළඟට ඇවිල්ල කතාකළා.
ගිය වෙලාවෙ ඉඳලම මාරය මාත් එක්ක වචන දහයක් කතා කරහං කියල
දීපු චැලේන්ජ් එක කඩන්න වෙනී අයිය ෆුල් ට්‍රයි එකක් දුන්න. ඒ වගේම හැමදාම විස්කි
බෝතලයක් ගැන අහන හින්ද අපේ ඇවිද්ද සුදීක අයිය දීපු පාටියත් ආයෙ කියල වැඩක්
නෑ. ඒ වගේම දැනගෙන නොහිටි ගොඩ දෙනෙක්
අඳුරගන්නත් ඒ අවස්ථාව ප්‍රයෝජනවත් උනා.
බ්ලොග් එක ගැන කතා කරනවනං ඒක ගැන කතා නොකරන තරමට හොඳයි
කියල හිතෙනව නේද පිංවතුනි. ඒක ලියන වේගෙ වැඩියි කියල කීප දෙනෙක්ම අදහස් දක්වල
තිබුණ මීට කලින් පෝස්ට් වල. ඒ වගේම අපේ දේශකය ගරු මංත්‍රීතුමා ඒ ගැන පෝස්ට් එකක්ම
නෙමෙයි දෙකක්ම දාල තිබුණ. මාරය සහ දේශකය මගේ බ්ලොග් එකේ පෝස්ට් මගඇරෙනවට බ්ලොග්
රජු සහ කොන්ක්‍රීට් බලගය කියල වෙනම ලිංකු දෙකක් හිටං උන්දැලගෙ බ්ලොග් වල දාල
තියෙනව මම දැක්ක.
දැං ඉතිං ස්තුති කතාව මදැයි.
ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන්.........
වැරදුනා, බ්ලොග් පෝස්ට් වලින් කොහොම වෙතත් කොමෙන්ට් වලින්වත් උතුරණ අවුරුද්දක්
වෙන්න කියල කට්ටිය ප්‍රාර්ථනා කරන්න බලන්න.
අලුතෙන් රසවත්ව බ්ලොග් ලියන චන්දන, සහන්, අකම, සරා,
හැලපය, වගේ කට්ටිය ඉන්දැද්දි අපි ලියන්නෙ මොකටද? නැද්ද මං අහන්නෙ.
තව ගොඩ දෙනෙක්ගෙ නං මෙතන නෑ. ඒ අය අමනාප නොමවෙයි කියල
සිතනවා.
කැමති දෙයක් වක්කරගන්න එකයි ඇත්තෙ.
අනේ ඉතිං බ්ලොග් අවකාසෙට අලුතෙන් ආපු මට මතක් වෙනව ඉස්සෙල්ලම මේ බ්ලොගේට ආපු දවස. ඒදා ඉඳන් අද දක්වා ආපු ගමනෙ මොන තරම් නම් දේවල් මට ඉගෙන ගන්න ලැබුනද මේ බ්ලොග් එක හරහා. සමහර දවස් වලට පෝස්ට් දාන වේගෙ වැඩි හින්දම කියවන්න මග ඇරෙනව. ඒත් පස්සෙ හරි ඇවිත් කොහොම හරි කියවනවා. ඉතින් මේ බ්ලොග් එකෙන් පලවුනු ඒ වටිනාකමින් පරිපූර්න ලිපි තුලින් අත්දැකීම් ලබාගත්තු මම එදා දැනගත්තා කොහොමද හරියාකාරව බ්ලොග් එකක් පවත්වාගෙන යන්නෙ කියලා. ඒ ගුරු හරුකම් ඔස්සේ යමින් අද වෙනකොට මට පුලුවන් වෙලා තියනව සාර්තක බ්ලොග් එකක් කරගෙනයන්න. කොටින්ම මම ලියන එක නැවැත්තුවා :D
ReplyDeleteඉතින් අර මාරයියා කියනව වගෙ ඔබ අපට ජීවයක්! ඔබ අපිට මුක්තියක්! ඔබ අපට අනුප්රානයක්!
තවත් සාරගර්භ ලිපි රාසියක් ලිවීමට හැකියාව සක්තිය දයිර්ය ලැබේවා! ජය!
ගොඩ දෙනෙක් කියන කතාවක් තමයි ලියන වේගෙ වැඩියි කියන එක. ඒත් ඉතිං අදහස් එනකොට කොහොම හරි ඒව ලියල දාන්න එපැයි.
Deleteඉතිං අනික් කට්ටිය බ්ලොග් ලියන එක නවත්තයිද කියන එකයි මට තියෙන බය. :D
නියමයි බං මේ වැස්ස දවස්වල හීනියට අඩියක් හික්ස් ජයවේවා...!! ඔය දෙමළ නයන්න බ්ලොග් ලොකේ දිගු කලක් පවතිවා හුග්...කාපු බිපු වෙලාවට කියන එව්වා ගනන් ගන්ට කාරි නෑ අයිබොවං හේ..ම්..ග්.......!!!!
ReplyDeleteකාපු බීපු වෙලාවට තමයි ආයිබෝං හොඳ හොඳ ඒව කියවෙන්නෙ. :D
Deleteඅම්මටසිරි මම එක :D
ReplyDeleteසැහ්! මේ වගේ බ්ලොග් එකක එක වෙන්න ලැබෙන්න කීයෙන් කී දෙනාටද? :D හුරේ මට ජයවේවා!
@සතුට වැඩිකමට පොලොවේ පස් කමින්
පොළොවෙ පස් කෑමට අවශ්‍ය නැත. ඔබේ ත්‍යාගය යථා කාලයේ මිහින් එයා මගින් ලැබෙනු ඇත.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපොළොවෙ පස් කාලද, බෝතලේ මාරුවෙලාද දන්නෑ මෙහෙම උනේ. :D
Deleteබ්ලොග් අවකාශයේ කාගේත් හිත දිනාගත්...කා සමගත් හිත හොද ප්‍රසන්න අයියාගේ දෙවන බ්ලොග් වසරියට මගේ උණුසුම් සුභ පැතුම්....කලින් වසර වල මෙන් නොව මේ වසරේදී අවාරෙට පොල් වැටෙනවා මෙන් හෝ පෝස්ටුවක් දෙකක් ලියන්නට සිත් වේවා ! බොන්න දීපු බෝතල් වල ආනුභාවයෙන් අපිට වෙරි වේවා ! බයිට් නොවේවා !
ReplyDeleteමට කියන්න අමතක වුනා...මම වක් කරගත්තෙ Jack Daniels. දැන් නම් ජිල්පුක් වෙන්න වැදිලා...ආපහු යන්න පාර හොයාගන්නත් බෑ...ඕක්
Deleteස්තුතියි සුබ පැතුමට.
Deleteඔය පොඩ්ඩක් පැත්තකිං ඇලවෙලා ඉඳල ගියාට කමක් නෑ.
එහෙනං නිදි මරාගෙන අවුරුද්දක් තිස්සේ ලෑට් ගෑවේ මේක වෙන්ටැති.. ඉතිං ප්‍රසා ජයම වේවා.!! උණුසුම් සුභපැතුම්.. කව්රු කොහොම කිව්වත් බ්ලොග් එකක් මේ විදියට පවත්වන් යන එක කොයි තරං අමාරු දෙයක්ද කියල බ්ලොග් ලියන අපි දන්නවා. නැත්ද මං අහන්නේ.. කකාට අත කසනවා දවසක් ඇර දවසක් එකක් නොදැමේමොත්. ඒ වගේ හුගක් අයට එකක් කොටල නොදැම්මොත් නිකං මොකක්ද වගේ. එහෙම එකේ බ්ලොග් එකක් තියාගෙනත් ප්‍රසා කොයිතරං සංයමයකින් ඉන්නවද කියන එකට තව වචන ඕනද??
ReplyDeleteඅවුරුදු දෙකක් තිස්සේ බ්ලොග් එකට ඇහැ ගහාගෙන කොල්ලෝ කියන කියන ඒවට උත්තර දිදි මොන දේ උනත් තමන්ගේ බ්ලොග් එක ලස්සනට තියන් ඉන්න වෙන කාටද පුළුවන්. අන්න ඒකයි මෙතුමා බ්ලොග් ලොව මහ රජු කියන්නේ. ඒ ගැන වාද තියේනං ගරු මන්ත්‍රිවරුනි, අපි ඕන වාදයකට සුදානං.
එහෙනං ඔය සිරා වගේ කොළු කුරුට්ටෝ මොනව කිව්වත් දෙයියනේ කියල ආයේ ලබන අවුරුද්දේ ජුනි 13 වෙනකං මොකුත් ලියන්නං හිතන්න එපා රජෝ. එහෙම උනොත් නං වැඩක් නැති වෙනවා හරිය..
මට අද බොන්න බෑ මං හිතන්නේ සතුට වැඩි කමට. අනික රජ ඉස්ස්රහ තියාගෙන අඩියක් වක්කරගන්න හැකිය මේ නරයන්ට.. ජයෙන් ජයම වේවා. අපේ පෝස්ට්කටු වලට ප්‍රසාගේ කොමෙන්කටු වැඩියෙන් ලැබෙන වසරක්ම වේවා..!!!!
ඔය මංත්‍රීතුමා මේ බ්ලොග් එකේ සුභසිද්ධිය තකා කරල වැඩ ටික අගය කරන්න ඕන. මේක තනි කරන්නැතිම සැරෙන් සැරේ ඇවිල්ල යන එකත් ඒ වගේ.
Deleteගණනං ගන්න එපා ඔන්නඔහෙ පොඩි ෂොට් එකක් වක්කරගම්මු.
හපෝ... මේකත් බේබදු බ්ලොග් එකක් කළාද දෙවනි අවුරුද්ද වෙනකොටම... ෂික්... රජ්ජුරුවන්ට කේස් දාන්න අපිට බෑනේ... ඉන්න මං සංස්කෘතිය පොලීසියට කියන්නම්.... මේකටත් ගල් ගහන්න එන්න කියලා.. හි හි....
ReplyDeleteඇයි උඩිං තියෙන කේක් ගෙඩිය පේන්නෙ නැද්ද? මොකටද බෝතල් දිහාම බැලුවෙ. :D
Deleteමං බොන එක නැවැත්තුවා නැත්තං කතාවක් පවත්තලා තමා ඔන්න යන්නේ
ReplyDeleteDCSL වහන්න වෙයිද ?
Deleteඅර බස් රේඩියෝ එකට ගියාට පස්සෙද දන්නෑ ඕක උනේ. එහෙනං ඉතිං කේක් කෑල්ලක්වත් කාල යන්නකො.
Delete@ සිරා, අපොයි එහෙම උනොත් හරි අපරාධයක්.
මොකක් ? අටමා බොන එක නැවැත්තුවා ?
Deleteමම යනවා මහණ වෙන්න.....
අනේ හොඳයි... !
mamat 2 k laga nama gata..
ReplyDeleteape..gihin..enad? oak//...
Jayawewa.
තැංකියු.
Deleteදෙකක් නමාගෙන ඔච්චර අමාරුද :D
එල උණුසුම් සුබ පැතුම්..තව අව්රුද්දක් පොස්ට් එකක් නොවැටී තියෙන්න ලැබේවා..!!!!!!!!!!!!!!!!!
ReplyDeleteමෙන්න මම ලියන වේගෙ වැඩිවිච්ච තව කෙනෙක්.
Deleteමට මේක විස්වාස කරන්න බෑ.. මේ පෝස්ට් එකේ මට වචන එකසිය ගානක් පේනවා පේනවා වගේ..
ReplyDelete…අනේ අපොයි
…කරුමේ කරුමේ.. බිව්වත් එකයි බොන තැන හිටියත් එකයි :(
ඕක තමයි මල්ලි කියන්නෙ වැඩිය ගන්න එපා කියල. දෙහි ගෙඩියක්වත් ගාගත්තොත් නරකද. :D
Delete01 බ්ලොග් කොටස් 01
ReplyDeleteප්‍රසිද්ධ වෙන්දේසියේ විකෙනෙයි
ගොඩකවෙල නගරයට ආසන්නව
බ්ලොග් අවකාශයේ සුපිරිම තැනකින්
ඉතා වටිනා බ්ලොග් අඩවියක්
ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිනේ
විමසීම් : මාරයා සහ සමාගම
මේකනං තනිකරම කුමන්ත්‍රණයක්. මාරයගෙං කීයක් ගත්තද දන්නෑ.
Deleteප්‍රීතිමත්ම ඇනිවසරියක් වේවා...අනේ ඉතිං මොන තරං දේවල් අහගත්තද මේ බ්ලොගක් හින්දා...2014 ජූනි වෙනතුරු අනුන්ට කමෙන්ට් කොටමින් ඉන්නට ශක්තිය ලැබේවා
ReplyDeleteස්තුතියි.
Deleteනරක් වෙලා තියෙයි අනුන්ට කොමොන්ට් කොටන එක.
තව අවුරුද්දකින් ඒන්නම්කො ඊගාව පොස්ට් එක බලන්න.
ReplyDelete…ඇත්තටම මෙ බ්ලොග් අවකාශෙ නිශ්චිත දිනයක පොස්ට් එකක් දාන එකම එකාවෙච්චි උබට සුබ නොපතා පුලුවනෑ
… එහෙනම් සුබ බ්ලොග් ඇනුවසරියක් !
…
………මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
අපි එහෙමයි, වෙලාවට වැඩ කරන්න කියලනෙ කියල තියෙන්නෙ.
Deleteසුබපැතුමට ස්තුතියි.
අනේ බං බාසා තුනේ ප්‍රසන්න, මේ අවුරුද්දට නං තව පෝස්ට් එපා ඕං. උඹ මාර වේගෙකින් නෙ ලියන්නෙ. උඹත් යකාගෙම පොරක් තමා ඉතිං. කොහොම හරි හැපි ඇනිවසරියක් වේවා !!!
ReplyDeleteඊළඟ අවුරුද්දෙ ආයෙ එන්නං මේ පැත්තෙ මොනවද ලියල තියෙන්නෙ කියල බලන්න.
ඔය ඕක තමයි කියන්නෙ. මේ හැමෝටම මම ලියන වේගෙ වැඩිවෙලානෙ.
Deleteසුබ පැතුමට ස්තුතියි.
ඇත්ත වශයෙන්ම පින්වත් ප්රසන්ණයෙණි, නැහැ එක්කෝ ඕන නැහැ... :D
ReplyDeleteචිරාත් කාලයක් මේ බ්ලොගයටත් හා එහි ඇඩ්ඩියා වන බොටත් මේ ආකාරයෙන්ම වැජඹීමට ශක්තිය ධෛර්යය හා වාසනාව උදා වේවා...
ඔය පින්වත් කතා කියන්න එපා බං. බො.බ.සේ. එකෙං උස්සගෙන යයි. :D
Deleteස්තුතියි ස්තුතියි.
මෙහෙම එක දිගටම පෝස්ට් දාන්න ගියොත් නම් ඉතින් කියවගන්නවත් වෙලාව නැති වෙනව...
ReplyDeleteඕකනෙ කියන්නෙ මේ මිනිස්සු අපි ලියනවටවත් කැමති නෑනෙ. :D
Delete//මාරය මාත් එක්ක වචන දහයක් කතා කරහං කියල දීපු චැලේන්ජ් එක // උඹට මතක නැතිඋනාට බාර් එකෙදි උඹ කතා කරපුවා අහන්න මාරයා එතන උන්නෙ නෑනෙ ..
ReplyDeleteඅපොයි මිනිහනං එතන නැතිවිච්ච එකම තමයි හොඳ.
Deleteමාධවගෙනුත් සුභ පැතුං එහෙනං!
ReplyDeleteසතුටිං භාරගන්නව.
Deleteතව මෙසේ වැඩි පෝස්ට් ප්‍රමාණයක් දැමීමට ශක්තිය හා මෙව්වා එක ලැබේවා!! :D
ReplyDeleteකට්ටිය කියන්නෙ මේ දාල තියෙන ටිකත් වැඩියි කියලනෙ. :D
Deleteස්තුතියි.
මේක තව තවත් ගුණාත්මකව (ප්‍රමාණාත්මකව ඕන නෑ ;) ) ඉඳිරියට ගෙන යමින් තවත් සෑහෙන කාලයක් ලිවීමට ශක්තිය හා ධෛර්ය්ය ලැබේවා!....
ReplyDeleteඔවු තව සෑහෙන කාලයක් ලියන්න වෙයි වගේ තමයි.
Deleteස්තුතියි.
අනුංගේ බ්ලොග් වල ලියා අත්කරගත්ත පුන්‍ය සම්භාරය කරණකොටගෙන ප්‍රසන්න නම් වූ මේ පිංවතාගේ බ්ලොගය ගීනස් වාර්තා පොතට එකතුවේවා මේ දෑවුරුද්ද ලබන දිනේ..
ReplyDeleteගිනස් කියන්නෙ බියර් වර්ගයක් නේද? :D
Deleteබ්ලොග් ලොකෙ වටිනාම පුද්ගලයා තමයි කමෙන්ට් කරන කෙනා. ඔබ එවන් අයෙක්. මේ වගේ පොස්ට් තව පනහක් හැටක් ලියන්න ලැබේවා. (අවුරුද්දට එක ගණනේ)
ReplyDeleteසුබ පැතුමට ස්තුතියි මවද මහතාණෙනි.
Deleteතව පණහක් හැටක්නං ලියන්න බැරිවෙයි මේ විදියට. :D
කොයිකෙන්ද මං දෙකක් නවා ගන්නේ..... ම්ම්ම්ම්ම්..... පොඩ්ඩක් හිටු! ඕක බීලම විසඳගන්න ඕනි පුරස්නයක්.
ReplyDeleteයකෝ, බෝතලේ දැක්කම කේක් ගෙඩියත් අමතක උණා. උඹේ දෙකට ජයවේවා!!!
Deleteආආ.... තව දෙයක් අමතක උණා නෙව. අර අන්තිමට දාලා තියෙන්නේ
Delete"## කිව්වලු හොඳවයින්" කියලා.
ඕක මේ පෝස්ට් ඒකට අනුව දාන්න තිබුණේ
"## බිව්වලු හොඳ වයින්" කියලා.
මං හිතන්නෙ අකමට පළවෙනි ෂොට් එකෙන්ම වැදිල වගේ. ඒක තමයි කියන්න තියෙන දේත් අමතකවෙලා තුං පාරක්ම කොටල තියෙන්නෙ. :D
Deleteස්තුතියි.
අනේ වාසනාවන් දෙවන වසරටත් පා තබලා.. ඉතිං යකෝ මේ ලියනවා වගේ මොනව හරි කොටහන්කෝ මාසෙට සැරයක් වත්. ඔන්න අපිත් අරවැයිං එකක් බිව්වා වගේ තමා. ජයම වේවා.
ReplyDeleteප්‍රසා ඕවට නං අහුවෙන්න එපා ලොවෙත් හරිය... ඇයි බොල මේ යස අගේට තියෙන බලගේ කුරුටු ගාන්නම නෙව මුන්ට ඕන.. අපි දිවිහිමියෙන් සටන් කරනවා ප්‍රසාගේ ලටපටේ ආරක්සා කොරගන්න..
Deleteමේ දේශකය වගේ අයට මේකෙ ලියන ඒව කියවගන්න වෙලාවක් නෑලුනෙ නලින් අයියෙ. ඔය දිවි හිමියෙන් සටන් කරන්න හදන්නෙ ඒකයි ලියන්න එපා කියල.
Deleteඅවුරුදු දෙකට කොච්චර දුර ගමනක් ඇවිත්ද කියන එක පෝස්ට් එකේ ප්‍රමාණේ බැලුවමම පේනවනේ ඉතීන්.. ආන්න ඒ ගැන හිතලවත් සතුටට මත් වීදුරුවක් දා ගන්නම්..
ReplyDeleteසුභ පැතුම් වේවා!!
දුර කියන්නෙ කියල වැඩක් නෑ කකුල් දෙකත්... වැරදුනා ඇඟිලි දෙකත් ගෙවිල.
Deleteස්තුතියි සුබ පැතුමට.
අවුරුදු දෙකෙන් අකුරු කියවලා තියෙන්නේ..
ReplyDeleteසබරගමුවේ කා හළ නාදයට ජය වේවා !!!
ඔවු ඉතිං අකුරු කියවන්න අවුරුදු දෙකක් තුනක් යනවනෙ.
Deleteස්තුතියි.
අද පෝස්ට් එකේ දිග බැලුවහමනම් කිව්වහැකි, ප්‍රසා පාර ක්‍රොස් කරල ආපහු ඇවිත් දැම්ම එකක්ය කියල....
ReplyDeleteහැමෝගෙම බ්ලොග්ස්වලට ගිහින්, කාගෙවත් හිත නොරිදවා, රචකයා දිරි ගන්වා එන ප්‍රසාගෙ මේ බ්ලොග් එකත් චිරාත් කාලයක් වැජඹේවා!
ඇයි පාර ක්‍රොස් කරනකොට වාහනේක හැපිල මොළේ හෙල්ලුනයි කියල හිතුවද? :D
Deleteස්තුතියි සුබ පැතුමට.
ෂහ්...පට්ට පාටියක්නෙ..!කොයි බෝතලේ තෝරගන්නද කියල හිතාගන්න බෑ..!
ReplyDeleteබෝතල් ටික දැකලම වෙරි වගේ නේද?
Deleteඔං මහත්තයෝ අපිත් අවා...
ReplyDeleteහැපී ඇනවසරි එකක් වේවා....!!!
බයිට් එකට තින්නේ කේක්ද...?
ඔවු මේ බෝතල් එක්ක බයිට් එකට කේක් තමයි කන්න වෙන්නෙ. :D
Deleteස්තුතියි.
ජයවේවා...!!!!
ReplyDeleteස්තුතිවේවා !
Deleteමෙලෙසින්ම තව තවත් දිගු....ම දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල ඕන් මාත් සුභ පතනවෝ.....!!!! ජය වේවා!
ReplyDeleteස්තුතියි සුබ පැතුමට සහ පැමිනීමට.
Deleteපෝස්ට් ගාන නං වැඩියි අප්පා.... කියවගන්න වෙලාවක් වත් නෑ...
ReplyDeleteසුබ පැතුං කිව්වා ඕං...
ලබන සැරේ හම්බ වුනාම වචන පහක් වත් කතා කරමු...
මෙයාටත් ලියන වේගෙ වැඩිවෙලා වගෙයි. :D
Deleteඔවු ඊගාව අවුරුද්දෙ මාරය ඔට්ටු අල්ලන එකක් නෑ.
අනේ අම්මෝ ..මේකේ තියෙන පෝස්ට් ගොඩ...වෙනම වෙලාවක එන්න ඕන ඒවා කියවන්න...ඕන්න එහෙනම් දෙවෙනි උපන්දිනේට සුබ පැතුම්....!!!
ReplyDeleteස්තුතියි පැමිනීමට සහ සුබ පැතුමට.
Deleteසුබ පතනවා ප්‍රසන්නට තව දිගු ගමනක් යන්නට..එකත් එක්කම කේක් කෑල්ලකුත් ගත්තා ඔන්න. හැබැයි බෝතලේ නම් ඇරලා බැලුවෙ නෑ මම නම්! :D :D
ReplyDeleteස්තුතියි !
Deleteබෝතල් අරිනවනං බොන්නම වෙනව. :D
ඇත්තටම ප්‍රසන්න අයියේ උඹ කොහෙන්ද බොලේ මෙච්චර වෙලාව හොයා ගන්නේ මේ හැටි පොස්ට් දාන්න.
ReplyDeleteකියල වැඩක් නෑ මලේ නොකා නොබී මේක ලියන්නෙ.
Deleteදෙකත් උනා එහෙනම් :-D
ReplyDeleteඊයේ පාටිය මිස් උනා දැන් නම් කොට කෑල්ලක්වත් නැතුව ඇති
දිගටම බ්ලොග් ලියන්න ඇඟිලි වලට වාරු ලැබේවා!!!!
දෙකත් උනා නේන්නං.
Deleteබලමු බලමු හංගපු එකක්වත් නැතැයි.
ස්තුතියි.
අනේ මචං දවසට එක ගානේ පෝස්ට් එකක් දැම්මම ඇති. එක දවසට මෙහෙම පෝස්ට් තුන හතරක් දාන්න ගියාම අපිට උඹේ පෝස්ට් ගොඩාරියක් මග ඇරෙනවා. උඹේ බ්ලොග් සටහන් නොවරදවා කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් හැටියට ඒක ලොකු පාඩුවක්. කොහොම වුණත් දිගින් දිගටම මේ ආකාරයෙන් ලිවීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteකියල වැඩක් නෑ අප්ප ලියන්න ගියාම ඔහේ ලියවෙලා යනවනෙ.
Deleteස්තුතියි.
අවුරුදු දෙකට පොස්ට් දෙකක්ම දාලා තියෙන්නේ ..බෝම හොදයි,
ReplyDeleteඑක නෙමේ අපි ආයේ එන්න ඕනේ තුන්වෙනි පොස්ට් එක කියවන්න තුන්වෙනි ඇන්වසරියටද ?
නෑ තුන්වෙනි ඇනිවර්සරියට එන්නෙ කේක් කන්න.
Deleteචියර්ස්, හපොයි දෑක්ක සුපිරිම බ්ලොග.සුබ පෑතුම්
ReplyDeleteස්තුතියි.
Deleteදෙවැනි ඇනිවසරියටත් සුබම සුබ පැතුම්!
ReplyDeleteස්තුතියි අයියා.
Deleteසුබ උපන් දිනයක් වේවා බ්ලොග් එකට...!! :)
ReplyDeleteමේ පාර කේක් ගෙඩිගෙන් කෑල්ලක් කන්නෙ නැතුව සම්පූර්ණ එකම තියල තියනව නේද... :D
තැංකියු වේවා !
Deleteඔවු ඉතිං කට්ටියට ගෙඩිය පිටිංම ඕනනෙ. :D
තාම බෝතල් ටික ඉවර කරගන්න බැරි උනාද?? කමක් නෑ අවුරුදුදම බොන්න කන්න තියෙන්නත් එපායැ.. හැක් හැක්..
ReplyDeleteඅපි එහෙමයි. අවුරුද්දටම ඇතිවෙන්න දෙනව. අර අහවලාගෙ දන්සැල වගේ තමයි.
Deleteමොකාගේ දන්සලද?? අපහාසයක්ද කරේ අපේ මහරජාට.. හැක්..
Deleteබ්ලොග් ලෝකේ පුදුම හතක් නම් කරනවා නම් මම එක පයින්ම මේ බ්ලොග් එක යෝජනා කරනවා පලවෙනි තැනට. සුභ පැතුම් ඈ අයියේ.. අවුරුදු තුනේ සංවත්සරයෙන් හම්බවෙමු.
ReplyDeleteබලමු යෝජනාව කවුරුහරි ස්ථිර කරයිද කියල.
Deleteස්තුතියි සුබපැතුමට මල්ලි.
ඔන්න ප්‍රසන්න මමත් කේක් කෑල්ලක් කෑවා. සුබ ඇනිවසරියක් වේවා!!!
ReplyDeleteස්තුතියි කිවුව.
Deleteවැරදිල ආවේ.. අර නිව් පෝස්ට් කියන බටන් එක තියේද බලන්න.. මේ බ්ලොග් එකේ ඒක නෑ නෙව
ReplyDeleteඒ වගේ බටන් මේකෙ නෑ. :D
Deleteමගෙනුත් සුභ පැතුම් ! ආයෙම තුන්වෙනි ඇනිවසරියට එන්නං කෝ
ReplyDeleteහොඳයි හොඳයි. ඊට කලින් එකක් දාගන්න පුලුවං උනොත් බලමු.
Deleteගොඩකවෙල ත්රයිබාසා පරමේස්වර අයියාගේ බ්ලොග් එක මේකද???
ReplyDeleteඔවු, ත්‍රෛලෝක විජයපත්‍රයක් ගහල වර මේක බලන්න. හැක් හැක්...
Deleteඅද නං අර උඩ තියෙන ඒවයිං මක්ක හරි ඩිංගක් කට ගාගන්නම වෙනවා. මොකෝ කියන්නේ සැට් වෙමුද???
ReplyDeleteඕන වෙලාවක.
Deleteසමාව අවසර පරක්කු වුනාට මේ වැඩ රාජකාරි අස්සේ. ඇත්තමයි පරක්කු වුන එකට නම් වැඩ රාජකාරි තිබුනා කියලා excuse එකක් දෙන්න නරකයි. මොනව වුනත් සුබම සුබ දෙවෙනි අවුරුද්දෙන් තවත් සීයකට මගෙන් ආසිරි.වැදගත් නොදන්න දේවල් නම් කොච්චර අපි බ්ලොග් කලාව හරහා ඉගෙන ගන්න ඇත්ද? මේ කවුරුවත් තමන්ට කියක්වත් බැලෙයි මේ ලියන එකෙන් කියලා හිතාගෙන ලියන අය නෙමෙයි. ඒකයි තියෙන වැදගත්කම. තමන්ගේ satisfaction එක වෙන්වෙන්මයි. ...මේ මටත් අඑ පින්තූරෙ අස්සෙ දකුණු කෙලවරේ හැංගිලා තියෙන Franklin එව්වයෙන් එකක් කටට හලා ගන්ඩ බැයිද?
ReplyDeleteකමක්නෑ පරක්කු වෙලා හරි ආව එක ලොකු දෙයක්.
Deleteකැමති දේකින් හලාගන්න එකයි ඇත්තෙ. :D
හෆොයි ! දවස් දෙහෙකට කලිනුත් බලල ගිය මට උත්සවේ මිස් වෙලානේ. දැන් කේක් පුෂ්කාලා. බෝතල්වල කෑලිත් නෑ. අරුන් හිස් ඒවත් අරන් ගිහින්.
ReplyDeleteඑහෙනම් ප්‍රසන්න අයියා සුබ ඇනිවසරියක් ආ.... ඊළඟ අවුරුද්දෙ හමුවෙමු.
හංගපු ඒව වගයක් තියෙනව ඔය දේශකය එහෙම කිට්ටුව නැති වෙලාවක් බලල එමුකො මල්ලි. :D
Deleteස්තුතියි සුබපැතුමට.
මමත් සුබ පතනවා දෙවන සංවත්සරයට. ඔබතමයි නියම මනුස්සය. තමුන්ගෙ බ්ලොගේ පැත්තක තියල අනුන්ට කමෙන්ට් දානව.
ReplyDeleteස්තුතියි මේ පැත්තෙ ඇවිල්ල සුබ පැතුවට.
Deleteසෙද්ද.. තාමත් මේ නරයෝ එන්නේ සුභ පතන්න.. අනේ මන්ද මෙහෙම බ්ලොග් රජාලා... එන එන එකාට පොවල යවන්නේ..
ReplyDeleteයකෝ මූට මෙච්චර බීල තවත් මදිද කොහෙද සැරෙන් සැරේ එබෙන්නෙ.
Deleteමගෙ අප්පේ ස්කාගාරයෙකට ආව වගේ..
ReplyDeleteසුභම වේවා සහෝ.. !
ස්තුතියි සෑමො.
Deleteසුබ පැතුම් අයි... යන්ඩි... ! රාජකීය සම්පත් ලැබී ඉසුරින් බර වේවා.. :3 භාෂා තුනේ තුන් පත් නයා මටද දැක ගැනීමට හැකි වේවා... :v තෙරුවන් සරණයි.
ReplyDeleteස්තුතියි බෙන් ටෙනිසන්.
Deleteඅපෝ දැකගන්න ලැබෙයි.
තෙරුවන් සරණයි.
ගාන වැඩි උනා කියල බඩු අඩු කරල නෑ වගේ.. මම කිව්වේ ආන්ඩුවෙන් අරක්කු මිල වැඩි කරපු එක ගැන.
ReplyDeleteඅපි සැලෙයි ඕවට.
Deleteනිකං ආවේ.. බලල යන්ට...
ReplyDeleteආවනං ඉතිං පොඩ්ඩක් අරං යං.
Deleteජය වේවා ප්‍රසන්න අයියා... ඊළඟ අවුරුද්දෙදිම හම්බු වෙමු ඈ.... :ඩී
ReplyDeleteහම්බවෙමුද කියලත් අහනව.
DeletePraසන්ன අයියා දෙතුන් දවසක්ම මට මුණගැහුනා මං බයික් එකෙන් යනකොට වේරහැර පාරේ. කොහෙද, මං නවත්තනකොට කිලෝමීටර බාගයක් විතර ගිහිං ඉවරයිනේ..
Deleteපාර හරස්කරල හරි නවත්තගන්න මල්ලි ඊගාව පාර.
Deleteමොනවා තාමත් අරක්කු තියෙනවද?? මුං බොන කන ඇයෝ නං නෙමෙයි වගේ.. මේකත් අර අපේ රජතුමාගේ මොකක්ද එකේ දන්සල වගේ..
ReplyDeleteඅපි එහෙමං බං. දෙනවනං අවුරුද්දටම ඇතිවෙන්න තමයි.
Deleteසැරිං සැරේ මේ පැත්තට රිංගන්නෙ මොකටද කියල අපි නොදන්නවයැ. හැබැයි බෝතල් සාක්කුවෙ දාගෙන යන්න ඔට්ටු නෑ හොඳේ.
අෆ්ෆට සිරි කොමෙන්ට් බ්ලොග් එකක් නේද ? :P
ReplyDeleteඅෆ්ෆට සිරි ඒක නේන්නං.
Deleteඅප්පට සිරි කෝ මේ ප්‍රසන්න අයියා..කොයි ගිහින්ද හැබෑට.මට ආරංචි උනා නෙට් එන්න විදිහක් නෑ කියලා..
ReplyDeleteසුභපැතුම් - මම එන කොට බෝතල් ට්ක අනිත් කොමෙන්ට් ආපු උන් ඉවර කරල
ReplyDeleteස්තුතියි. පේනවනෙ ඔය දේශකය එහෙම තුං හතරපාර ඇවිල්ල බීල ගිහිල්ල තියෙන්නෙ. :D
Deleteඉදලා ඉදලා ආවෙ හරිම දවසෙනේ... :D සුබ වෙවා!
ReplyDeleteවෙරි වේවා !!
Deleteයහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන, විනයගරුක ශිෂ්ඨසම්පන්න සමාජයක ජීවත්වීමට හැකි වටපිටාවක් සකස් වූ, අඟහිඟකම අඩුවූ, බොුරුව, පූච්චානම් කතා, රැවටීම් ආදිය අසන්නට, දකින්නට, විදින්නට නොලැබෙන හොද අවුරුද්දක් වේවායි පතමි...
ReplyDeleteස්තුතියි දිනේෂ්, ඔබටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියල පතනව.
Deleteහැමදාම ආවත් පෝස්ට් නැති නිසාත්, කාලයක් එන්න බැරි උන නිසාත්(බ්ලොග් ලියන්න) සැමා වෙන්න ඕනා අයියේ පරක්කු උණාට..
ReplyDeleteජයවේවා මේ වගේ දිගටම ලියාගෙන යන්න....පුළුවන් හැම වෙලාවකම එනවා හරිද?
පරක්කු වෙලා එන එකම තමයි හොඳ. :D
Deleteකේක් කෑල්ලක් කාල යන්න ආවා මං ආයෙත්.. :)
ReplyDeleteදැන්නං පුස් කාලත් ඇති. :D
DeleteTest
Deleteටෙස්ට් කලේ කේක් ද :D
Deleteනෑ අර බෝතල් තාම හොඳ තත්වෙ තියනවද කියල බැලුවෙ. :D
Deleteදැං බඩු ඉවරද මන්දා. අලුතෙන් මොනා හර ගේනන වෙයි වගේ නෙහ්. තාම සමරනවා නෙව..
ReplyDeleteTest... ok. නලලට ගත්තේ නැත...
Deleteදැංනං බොට බඩු දෙන්න බයයි වෙච්ච සීන් වල හැටියට.
Deleteඉඳහං කෝක් ටිකක්වත් ගෙනත් තියන්න.
තමන්ගේ එක ගැන නොසොයා රටේ තියෙන හැම රෙද්දක් ගැනම ඕනකමින් හොයන එක තමා නිමය ස්වාමි බත්තිය කියන්නේ.. අනේ වාසේ රටට ගිය කලක්..
ReplyDeleteඇයි ඉතිං බොලා ඉන්නෙ මගේ එක ගැන හොයන්න. මම මොකටද ඒකට මහන්සි වෙන්නෙ. :D
Deleteඹබ වගේ වියත් පඬිවරයෙක්ගේ බ්ලොග් කියවන්න අපටත් ලැබිම ගැන අප බෙහෙවින් සතුටු වෙමු! දිනෙක හමුවී මේ ගැන ගැඹුරින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමු.
ReplyDeleteගැඹුර කියන්නෙ කොච්චර ගැඹුරක්ද දන්නෑ. අපිනං වැඩිය ගැඹුරු තැංවලට යන්නෙ නෑ සාමාන්‍යයෙන් ගල් බෝතලේක අඩිය වගේ ගැඹුරකට විතරයි යන්නෙ. :D
Deleteඅප්පට බොල තුනත් ලඟයි නේ?
ReplyDeleteඒකනෙ බොල කියන්නෙ.
Deleteදැන් 2ද 3 ද අප්පා ?? අපිම හොයලා බලන්ඩ වෙලාද මන්දා ? අලුත් මහපු කේක් ගෙඩියක්වත් දාහන් මල්ලියෙ :-D
ReplyDeleteවැඩක් නෑ වෙනී අයිය අපි උන්නද මලාද කියලවත් බලන්නෙ නෑනෙ. අර සුද්දියංගෙ පුක්ස් ෆොටෝ ගහනව මිසක්ක. :D
Deleteවෙනි අයිය දවසක සුද්දියෙක්ගෙන් හොද පුක්ස් පාරක් වැරදි පුල් පාරක් ගනීවි.. හැක්..
Deleteඅද තමයි මේ පැත්තට ඉස්සෙල්ලාම ගොඩඋනේ..
ReplyDeleteදිග ගමනකට සුභපැතුම්...
ජය වේවා!!
වක මාත්තියා ගෙදර ඉන්නවැයි...
ReplyDeleteවක මාත්තියා.... ඒ මොකාද ??? :)
Deleteඔය දේශකය කෝක් එකක් බිව්වම වෙන දේවල්නෙ චන්දන.
Deleteඅලුත් අවුරුද්දෙ මෙහෙට නෑවිත් කොහොම ද !
ReplyDeleteඑහෙනං... එහෙනං....
Deleteඅප්පට සිරි අයියා මැදෙදේගමද.... හම්මේ මාත් ඔහේ තමා :D
ReplyDeleteතුන්වෙනි අවුරුද්දේ මෙව්වා එකට එන්නන් :D
මැද්දෙගම නෙමෙයි ගොඩකවෙල.
Deleteඑන්න එන්න..
සුභ පැතුම් ප්‍රසන්න මල්ලී
ReplyDeleteමේ අවුරුද්දෙ එකටද?
Deleteස්තුතියි තිස්ස අයියා..
ඔන්න මමත් ගොඩවැදුනා, මහන්සි බලන්නෙ නැතුව ඔක්කොම පෝස්ට් කියෙව්ව ඈ, ^_^ මමත් කවදහරි බොගක් ලිව්වොත් ආදර්සෙට ගන්නෙ ඔබතුමාව තමයි. :D :D
ReplyDeleteඅපොයි බොහේ දෙනෙක් මාව ආදර්සෙට අරගෙන ලස්සනට බොග කරගෙන යනව. :D
Deleteදේසේ විදියටලු බාසෙ. ඔන්න බොගෙ ගිය අවුරුද්දෙ ඇනිවසරි පෝස්ට් එකට සුභ පතල මේ අවුරුද්දෙ කමෙන්ට් කලා. මේ පාර දාන එකට ලබන අවුරුද්දෙ උත්තර බඳින්නං.
ReplyDeleteඑහෙනං පොසොන් පහුවෙලා හම්බුවෙමු. මම එනව ගොඩවෙන්න ගොඩකවෙලට!
මේ යන විදියට මේ ගමන එකක් දාන්න වෙයිද දන්නෙත් නෑ. :D
Deleteගොඩවෙන්න ගොඩවෙන්න.
ඉතිං ඉතිං. දැං කෝමෙයි සැමරුම් උත්සවේ වැඩ කටයුතු..
ReplyDeleteමෙදා පාර ප්‍රසන්න අයිය තුනේ පාටිය ගන්න හදන්නේ රට පුරාම දන්සැල් දීලා. බොරුනම් බලන්ඩකෝ.....
ReplyDeleteරටට තියා දෙන්න හිටපු උංවත් ආවෙ නෑනෙ.
Deleteහුගක් අයට තියෙන අවුල තමා තුනක් නැති එක.. ඉතිං ඒක ප්‍රසාටත් පොදුයි තමා..
ReplyDeleteඔවු ඉතිං බොටත් නැති නිසා හොඳ අත්දැකීම් ඇතිනෙ.
Deleteදැන්නං මට හොදටෝම තරහයි. හරිය.. ගොඩකවෙල ඇවිත් තෝව සුන්නත් කරල යනවා කර ලගින්ම. එතකොට දෙකයි නේ කෝමත් බොට තුනක් නෑ..
ReplyDeleteඒ සෙල්ලං හරියන්නෙ නෑ. මම බො.බ.සේ. විශේෂ නියෝජිතයෙක් ගෙනල්ල තියාගන්නව පෙට්‍රල් බෝම්බ කේස් එකකුත් එක්ක.
Deleteහෙක් හෙක්... මම නම් ඔය සැර ජාති බොන් නැ ලු
ReplyDeleteහෙක්.. එහෙනං ඔය සෝඩ ටිකක්වත් බොමු.
Deleteයකෝ මේකට දැන් අවුරුදු 3ක් වෙනව නේද?
ReplyDeleteමේක බලන්න අවුරුද්දකට සැරයක් එන අපිට පාටියක් දුන්නොත් නරකද?
මේ වගෙ බොගක් මං නම් මේ දැක්කමයි......
කොහොම උනත් සුභ පැතුම්.......!!!!!!!!!!!!
ස්තුතියි ඈ.
Deleteපාටියක් දෙන්න හදනකොට ඔය උඩිං ඉන්න දේශකය කියන එකා තමයි ඒක කචල් කළේ. :D
මම නිකං ද කියන්නේ මෙහෙම බ්ලොග් ලොවෙත් නෑ කියල.. ඔය කොරන්නේ.. එක පෝස්ට් එකයි ඒකෙත් කමෙන්ට් බලාගෙන යන්න ත්‍රී වීල් එකක් ගන්න වෙලා. ඒක නෙවෙයි.. තුන්වෙනි අනිවසරිය පහුවුනා නේද? කෝ කෙළ හලාන කන්න කේක්?? කෝ ඇනිවසරි පොස්ට් එක?
ReplyDeleteතුන්වෙනි ඇනිවර්සරිය අර නලින් අයියයි දේශකයයි වර්චස් කළානෙ. :D සමහරවිට අතරමගදි ගන්න පුලුවං වෙයි.
Deleteකෝ තුන???
ReplyDeleteප්‍රසන්න, දේශකය මේ පැත්තෙ කැරකෙනව වැඩියි. බෝතල් හෙම තියනව නම් පරිෂ්ෂම් කොර ගන්ට. :D
Deleteඅපොයි ඕකට බෝතලයක් දැක්කත් වෙරි වෙනව. :D
Deleteඅම්මෝ...ඔය ලියනවද????
ReplyDeleteඅයියේ අයියේ.. හතරත් එනවා..
ReplyDeleteඉඳහං මල්ලියෙ පහකුත් එනවා.
Deleteඋඹේ තව බ්ලොග් කට්ටක් තිබ්බා නේද?
ReplyDeleteපිස්සුද. වං ඇන් ඔංලි මේක විතරයි.
Delete