මේ ලිපිය ලියන්න කියල හිතුනෙ
අපේ කට්ටියක් එකතුවෙලා ඊයෙ පෙරේද කරන්නට යෙදුනු සමාජ සත්කාරයක් ගැන දැනුම්
දෙන්නයි. (ඔවු.. ඔවු... අර මගේ නිවුන් සහෝදරය කියන එකා මේක ලියන්නෙ නෑ කියල
හැමවෙලාවෙම දාන නෝන්ඩියට ඇරියස් එකකටත් එක්ක තමයි. හැක්...)
අපේ කුරුටු ගෑ ගී පවුර
ලියන තුෂාර සහෝදරය තමයි මේකට මුල පුරන්නෙ. ගෙදර කැටේක එකතුවෙච්ච සල්ලි
වලින් (ඔවු.. ඔවු.. වෙන මොනවත් නෙමෙයි සල්ලි :D) ආර්ථික අපහසුතා ඇති
දරුවෙකුට අවශ්‍ය පොත්පත් අරන් දෙන්න ලෑස්ති වෙන එක තමයි මේකෙ ආරම්භය.
ඒ
අතරෙ උන්දැගෙ බ්ලොගේට නෙලුම් යායෙ අජිත් අයියගෙන් හම්බවෙච්ච සම්මානෙ
මුදලුත් මේ වැඩේට සම්බන්ධ කරල පොත් පාර්සල් හතරක් පහක් දක්වා මේ වැඩේ ඇදගෙන
යන්න තුෂාරට හැකිවෙලා තියෙනව.
ඔය අතරෙ අපේ මාර්ෂල් විදානේ තුමාගේ ආගමනයත් ඔතැනට සිද්ද වෙනව. එයැයිත් මේ වැඩේට සම්බන්ධ වෙන්න කැමතියි කිවුවට පස්සෙ තමයි මේක තුෂාරයගෙ ගෙදරින් එළියට එන්නෙ.
ඉන් පස්සෙ අපේ මදු මදාවියා තුමා සබරෙ ඇනෝ
තුමා අජිත් අයිය ඇතුළු තවත් කීප දෙනෙක් අතරෙ හුවමාරු වෙච්ච ඊ තැපැල් ලිපි
කීපයකට පස්සෙ මේ වැඩේ පොත් මළු 42 ක් දක්වා වර්ධනය කරගන්නට හැකි උනා.
ඊට
පස්සෙ වැඩේ තිබුණෙ මේවා ලබා දීමට අවශ්‍ය දරුවන් සිටින පාසලක් සොයා ගැනීම.
කුරුට්ටො ටික එකතු වෙලා මේ වැඩේට බලංගොඩ ඉඹුල්පෙ ශාරිපුත්‍ර විද්‍යාලයේ
විදුහල්පතිතුමා එක්ක කතා කරල දරුවන් තෝරගෙන තිබුණ.
ඒ අතරෙ
තුෂාර සහෝ විදානේ සමග එකතුවෙලා පොත්පත් සහ අදාල භාණ්ඩ වට්ටමක් සහිතව
ලබාගන්න පුලුවන් තැන් හොයල බලල ඒ බඩු ලබාගෙන තිබුණ වගේම වැඩේ සිද්ධ වෙන්න
දෙසැම්බර් මාසෙ 13 වැනිද සුදුසුයි කියලත් සම්මත කරගෙන තිබුණ.
ඒ අතරෙ කුරුටු අසංක මේ වගේ පණිවිඩයක් ඒ පොත් එක්ක බෙදාදෙන්නත් සූදානම් කරල තිබුණ.
-----------------------------------------------------------------------------------
ආදරණීය දුවේ / පුතේ... මේ පණිවිඩය ඔබටයි...ආදරණීය දුවේ / පුතේ... ජීවිතය කියන්නේ අපි හැමෝටම අභියෝගයක්... ඉතිං අපි ඒ අභියෝගය දිනන්නේ කොහොමද... ඒකට හරියටම තියෙන්නේ එකම එක මගයි... ඒ තමයි දුවේ පුතේ ඉගෙනීම... ඔබ හොඳින් ඉගෙනගෙන හැමෝටම වැඩදායී කෙනෙක් වුණොත්... ඔබගේ ආදරණීය දෙමව්පියන්, ගුරු මව්වරුන් පියවරුන් වගේම මුළු රටම ඔබ ගැන ආඩම්බර වෙයි... ඔබ අපේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකයටම අත්‍යවශ්‍ය වන ප්‍රධාන පුද්ගලයෙක් වෙයි... ඉතිං එහෙම වෙන්න තියන මූලික අඩිතාලම තමයි අර කලින් පැවසූ ආකාරයට හැකි උපරිම හොඳින් ඔබේ ඉගෙනුම සම්පූර්ණ කිරීම...
ඉතිං ආදරණීය දුවේ / පුතේ... ඔබේ ඉගෙනුම සම්පූර්ණ කරගැනීමට යන ගමනේ පුංචි අත්වැලක් වෙන්න අපි ගත්ත උත්සාහයක ප්‍රතිථලය තමයි මේ... මේ ඔබේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා දෙන පුංචි තෑග්ගක්... අළුත් අවුරුද්දේ පාසල් ගමන ආරම්භ කරන්න ඉන්න මේ දුවල පුතාලට ඉතාමත් සෙනෙහසින් තමයි අපි මේව දෙන්නේ... ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනව මේ පුංචි තිළිණ ටික සතුටින් භාර අරන් ඔබ තව තවත් හොඳින් ඉගෙනීමේ කටයුතු වලට යොමු වෙයි කියලත්...
අපි හැමදාමත් රටේ අනාගතය භාරගන්න ඉන්න ඔබේ සහයෝගයට ඉන්නවා ආදරණීය දුවේ / පුතේ...
-----------------------------------------------------------------------------------
ඉතිං කොහොම හරි අදාල දිනේට මේ වැඩේ ඉතා සාර්ථකව සිද්ධ උනා. නමුත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා මට මේ වැඩේට සම්බන්ධ වෙන්නනං අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒ ගැන කණගාටුවක් නැතුව නෙමෙයි. ඒත් පින්තූරෙකින් හරි පොත් ලැබිච්ච දරුවන්ගෙ සිනාව දකිනකොට කරපු වැඩේ ගැන සතුටක් ඇතිවෙන එක වලක්වන්න බෑ.
තුෂාර මලයගෙ එක පොත් මල්ලක වැඩේ පොත් මළු 42 ක් දක්වා වැඩි කරන්න දායක උන විදානෙ මලයා ඇතුළු සෙට් එකටම මේ අවස්ථාවෙ මගේ කෘතඥතාවය ප්‍රකාශ කරනව. ඒ වගේම ඉදිරියෙදිත් මේ විදියට යමක් එකතුවෙලා කරන්න හැකියාව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනව.
ඒ අවස්ථාවෙ ගත්ත ඡායාරූප කීපයක් පහතින් පලකරනව. (ඡායාරූප අනුග්‍රහය කුරුටු)
ප.ලි. : මේ වැඩේ බ්ලොග් වලින් විවෘතව සහයෝගය අරන් කරන්න හිටියත් එවන් කටයුත්තක් සම්බන්ධීකරණය කිරීමේදී වැඩි වගකීමක් දැරීමට අවශ්‍ය බැවින් ප්‍රථම අවස්ථාවේම එවන් දෙයකට යාමට අසීරු නිසා එම අදහස අතහැර දමන්නට සිදුවුනා.
කොංක්‍රීට් එකේ මම එක.
ReplyDeleteමේව ඉතිං හොඳ වැඩ. තවත් දරුවෙක්ගෙ නැනස පාදන්න උදව් වෙනව කියන්නෙ ඉමහත් පිනක්. ඔබ සියල්ලන්ට ම සදා ජය.
Deleteමේකට මූලික උන දෙන්නට තමයි වැඩිම පින.
Deleteමෙම බ්ලොගයේ එක වීමට හිමි ඔබේ ත්‍යාගය යථාකාරයේ ළඟම තැපැල් කන්තෝරුවට ලැබෙනු ඇත.
ඒකත් පේස්ටොපීස් එකට යවන්නෙ? දීපියකො කසුනට ඩිරෙක්ට්...
Deleteඑහෙම කලොත් ඒක ඩබල් එකේ රිටන් වෙන්න පුලුවං.
Deleteවව්චරයක් දීපන්, ඒක තමයි දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක...
Deleteඒකට ඇමතිකෙනෙක් වෙන්න එපැයි.
Deleteආයෙත් වතාවක් කරනවා නම් දන්වන්න, අපිටත් උදව් කරන්න පුළුවන් වෙයි.
ReplyDeleteඅනිවාර්යෙන්ම.
Deleteඔව් තිසර අපි දන්නවා මේ වැඩේ ප්‍රසිද්ධ කරානම් ගොඩක් දුර යනවා කියලා... ඒත් අපිට අවශ්‍ය වුනේ ළගපාත නිතර හමුවෙන්න පුළුවන් පිරිස අතරින් මේ වැඩේ පොඩියට හරි සාර්ථකව කරගන්නයි.... දැන් අපි දන්නවා මීට වඩා දෙයක් වුණත් කරන්න හැකියි කියලා...
Deleteඉදිරි වැඩවලදී මීට වඩා කලින් කට්ටියට ම දැනුම් දීලා හැමෝම සම්බන්ධ කරගන්න උත්සහ කරනවා.....
හුස්ම හිර උනා , ප්‍රසා මේ උඹ ඈ........පොඩ්ඩක් හිටිං වතුර ටිකක් බීල මූනෙත් වතුර ටිකක් ගාගෙන එනකම් . .........
ReplyDeleteඅප්පට සිරි මේ අපේ දෙමල නයන්නම නේන්නම් මම හිතුවෙ අර හිපාටු දේශ කියල.
දෙපාරක් හුස්ම හිර උනොත් නං උඹ ඉවරයි.
Deleteහැක්... ඌ ලියයි මෙච්චර එකක්. :D
ප්‍රසා අයියා............... ඔහොම හිටියට පට්ට ලියනමහත්තයෙක් තමා ප්‍රසාත්..... හැක්
Deleteලියන්න කොහොම වෙතත් මලවන්න හරි බැරියැ.
Deleteහැබැයි ප්ලෑන් කරපු විදිහට ම සෙට් වුණානං හවස් වෙද්දි මැලවෙනවා ෂුවර්....
Deleteප්‍රසා අයියා............ සුපිරියි අෑ............. ලිව්වා ඒහෙනම්... ජයවේවා
ReplyDeleteඅැයි ප්‍රසා අයියා දිගට ම කතා කර කර අපිව දිරිගන්වපුවා..... වැඩේට මූල්‍යමය දායකත්වය දක්වපුවා කියලා නැහැනේ..... (ඒ දුන්නු සල්ලි වල විදානයා බිව්වා කියලා තමා උෟනං කියන්නේ- මේවා අපි හරියට ම දන්නෑ... මට අදාල සල්ලි ටික ලැබුණා... ඒච්චරයි)
අා ප්‍රසා අයියා.... සුපිරිම වැඩේ කියන්නේ ඒදා විදානයාව අමද්‍යපව ගෙදර යවපු ඒකයි.... විටක් විතරක් දුන්නා...
වැඩේ නං සුපිරිම සුපිරිය ප්‍රසා අයියා... අර අම්මා කිව්වා වගේ මේ ළමයි ලියන අකුරක් අකුරක් ගානේ පිං කියලා තමා ඉතින් කියන්න තියෙන්නේ...
උඹලගෙ මරණ තර්ජන වලින් බේරෙන්නත් එපැයි. :D
Deleteමොනව උනත් මේ වැඩේට මූලික උන තුෂාර මලයටයි, විදානෙ මලයටයි තමයි වැඩිම ගෞරවය.
විදානි හිටපු නිසා එදා මිනිහ මද්‍යප උනානං ගෙට ගන්න එකක් නෑ.
අපි නැති උනත් වැඩේ සුපිරියට ගිහිල්ල තියෙනව කියල ෆොටෝ වලින් පේනව.
ඔව් වැඩේ නං හොදින් ම සිද්ධ වුණා..... ඒත් ඊළග පාරනං ඒන්නම වෙනවා.... ප්‍රසා අක්කාට වැඩ ටික භාරදීලා අාවානං ගොඩනේ..... තව මේ වැඩේ අස්සේ තිබුණ රස කතා ටිකත් හිමීට කියන්නම්......
Deleteකුරුටු අය්යන්ඩී වරහන් ඇතුලේ ඒවා කියන්ට එපෝ.....
Deleteහැක්.. හැක්... සබරෙ ඇනේ වෙලා වගෙයි.
Deleteදාහං කුරුට්ටො ඒ ටිකත් හෙමීට.
පිච්චුද????????
Deleteඅපි රහස් රකින කොල්ලෝ හරි..... ඒත් වැඩිය කෑ ගහන්න ඒපා.... පුහුල් හොර කරෙන් දැනෙයිවත්...... හැක්
තෑගි අරන් හිනාවෙන පොඩි උන් දැක්කම හරිම සතුටක් එක්කම හිත යටින් පුදුම දුකක් දැනුන.
ReplyDeleteෆොටෝ ටික මුලින්ම දැක්කට පස්සෙ මටත් උනේ ඒකම තමයි බං.
Deleteමොනවා වුණත් ප්‍රසන්න අයියා... කම්මලයා.... අපි බ්ලොග් ලියන උන් හැටියට කොහොම හරි ඒකතු වෙලා මේ විදිහ දේවල් කරන ඒකම ලොකු දෙයක්.... මේ වැඩේ ගුරුවරියත්, කැමාලාත් කරලා තිබුණා.... ඒ කියන්නේ අපි බොහොමයක් දෙනා මේ විදිහ සමාජසත්කාරයන්ට දායක වෙලා තියෙනවා.... ඒකයි වෙන්න ඔ්නේ..... අපි මේ තැන්වලට අාවේ... අද ඉන්න තැන ජීවත් වෙන්නේ අපිට උදව් කරපු අය නිසා... ඉතින් අපිටත් ඒ වගකීමම තියෙනවා......
Deleteජයවේවා
ඇත්තටම යමක් ලැබිය යුතු තත්වයේ ඉන්න දරුවන් ගොඩ දෙනෙක් තවත් මේ ලංකාවෙ ඉන්නව. ඒ වෙනුවෙන් කාටහරි සුලු දෙයක් හරි කරන්න පුලුවන්නං ඒ ළමයින්ගෙ අනාගතේ ලස්සන කරන්න හැකි වෙයි.
Deleteඊයෙත් බාටා කෑලි දාගත්තු දරුවෝ බොහොමයක් අැවිත් හිටියා.... දෙමාපියන්ගෙත් මූණු වල තිබුණේ මහා දුකක්.... ඉතින් අපිත් තේරුම්ගත්තා මේ උදව් ලැබිය යුතු පිරිසක් තමා කියලා... ඒත් ප්‍රසා අයියා අපි ඉන්න පැත්තේ දියතලාව, බෙරගල, හපුතලේ පැත්තේ ඊටත් ඒහා ගිය දුප්පත්කමින් මිරිකෙන දරුවන් වැහිවැහැලා..... කවදා හරි ඒ අයටත් උදව් කිරීමට හිතාගෙන ඉන්නවා......
Deleteඅවුරුද්දෙ අන්තිමට මගෙ ගාව වැඩ කරන එවුන්ගෙ ළමයි ටිකකට සපත්තු , බෑග්, පොත් ඇතුළු සියලු දේවල් දෙනව අතින් යන්නෙ පොඩිගානක් බෝතල් හැම්පර් දෙන එවුන්ට,කෙලින්ම කියන්නෙ මේ වැඩේට උදවු කරන්න කියල හිතනවටත් වඩා දේවල් හම්බවෙනව.
Deleteඅපි හැම මාසෙම ලොකාවෙ තියන ළමා නිවාස ,අනාථ නිවාස ,මහළු නිවාස ගොඩකට තේ කොළ දෙනව ඒව ගන්න එන වෙලාවට සමහර පොඩි එවුන් වාහන වල දාගෙන එනව. මම හාමිනේගෙ මොන්ටිසෝරියේ ඉතිරි වෙන පැන්සල් කොට ,ක්ලේ , චෝක් වගේ ඒව තියන් ඉදල දෙනව. මුන් ඕව අරං ගිහින් ආපහු එන දවසට උන්ට හම්බවෙන චොක්ලට් එකක් වගේ දෙයක් අරං ඇවිත් දීල යනව. ( දැන් මම වැඩ කරන අලුත් තැන නෙමේ , ගිය අවුරුද්දෙ හිටිය තැන )
උඹගෙ පෝස්ට් එකයි ෆොටෝ ටිකයි දැකල ඒ පොඩි එවුන් මතක් උනා, ඒක හින්ද වෙන්න ඇති මේ පෝස්ට් එක සැරට දැනුනෙ
වතුවල තත්වෙ ගැනනං කතාකරල වැඩක් නෑ. ඒක බොහොම කණගාටුදායකයි. කම්මලේ ඒ වෙනුවෙන් යමක් කරන එක සතුටක්.
Deleteඅපිටත් දැන් ඉන්න තැනත් ඒක්ක වතු ජනතාව ගැන ලොකු අත්දැකීම් ගොඩක් තියෙනවා.... මේ වැඩේ වුණත් සම්බන්ධීකරණයේ පහසුව සහ පළමු වැඩේ විදිහට මෙතැන කරාට ඊළග පළවෙනි පාරම වතු පැත්තට තමා යන්නේ.... උඹටත් පිං කම්මලේ.......
Deleteමේ වැඩෙං හරි කමක් නෑ ලටපටේ මකුළුදැල් කැඩිච්ච එක තමා ලොකුම පින...
ReplyDeleteවැඩේ ලෑස්ති කරනවාට වඩා අමාරු වුණා මේකට පෝස්ටුව දා ගන්න... ඒ තරං අගේ කරනවා ...........
Deleteහැක්... මකුළුදැල් කඩන්න ගිහිල්ල ඊ්යෙ බැරිවෙලා පබිලිස්ගෙ ඇඟේ කොස්ස වැදිල තිබුණ.
Deleteතාමත් ජීවතුන් අතර ඉන්න ඒකත් ලොකු දෙයක්.....
Deleteලස්සනට ලියලා ප්‍රසන්න අයියේ
ReplyDeleteතමුන් කොයි වෙලාවට ද ලියන්නේ...................
Delete//තමුන් කොයි වෙලාවට ද ලියන්නේ................... //
Deleteඅන්න ප්‍රශ්නෙ.
ලියලා යවලා තියෙනවාලු...... වර්ණයාගේ පරක්කුව තියෙන්නේ...... අම්මපා හදිස්සියක් වුණොත් ඒත් මෙහෙමනේ නේද??????????
Deleteනියමයි ප්‍රසා උඹලා මේ කරලා තියන වැඩේ ...ජයවේවා !!
ReplyDeleteදානයක් දීලම බ්ලොග් එකට ආවේ මෙතන ඉන්න අවතාර ,කුම්බාන්ඩයෝ ටික එලවන්නද ? හැක් හැක්
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පා යුග නැති ඔබ දකින තුරා...
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා...
මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුනු විට බුමුතුරුණේ...
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අඟුළු වැටේ...
සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
රසමසවුළු වල සුවඳ පිරේ...
ඒ රස සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ…
පද රචනය-සුනිල් ආරියරත්න.
ගායනය /සංගීතය - නන්දා මාලිනී.
ස්තුතියි සින්දුවෝ..
Delete//දානයක් දීලම බ්ලොග් එකට ආවේ මෙතන ඉන්න අවතාර ,කුම්බාන්ඩයෝ ටික එලවන්නද// ඒක ප්‍රසිද්දියෙ කියන්න හොඳ නෑති හින්ද නිකාහිටිය. හැක්..
උඹ මෙහෙම හරි මේකේ පෝස්ට් එකක් දැම්ම එකනම් වටිනවා.
ReplyDeleteමමත් හැම අවුරුද්දකම කිහිප දෙනෙක්ගේ උදව් උපකාර අරගෙන පාසල් දරුවන්ට මේ වගේ පොත් බෙදලා දෙනවා.දැන් ඒ සමහර දරුවෝ අවුරුද්දේ අවසාන වෙනකොට මම පොත් අරගෙන දෙයි කියලා බලාගෙන ඉන්නවා.ඒ හින්දම මේ අවුරුද්දෙත් කිහිප දෙනෙක්ගේ උදව් අරගෙන පොත් බෙදලා දෙන්න ලෑස්ති කලා.
පොඩියට හරි මේ වගේ දේවල් කීප තැනක වෙනකොට කුඩා පිරිසකට හෝ සහනයක් වෙනව.
Deleteඉතා විශිෂ්ටයි ! මේ වගේ කල්පනා මවන්නට හෝ හැකිවීම මොනතරම් වාසනාවක්ද. ඔබ සැමටම සුබපැතුම්
ReplyDeleteස්තුතියි ගුණේ...
Deleteදෙකම එල ද බ්‍රා
ReplyDeleteඋඔලාගේ වැඩෙයි..
පොස්ට් එකයි..
අපේ රස්සාවල් එක්ක මේ වගේ දෙයක මුලිකත්වය ගන්න බැරිවුනත් පුලුවන් විදිහකට උදව්වක් කරන්න අපිටත් කියන්න.
අනිව මෙන්ඩො. ඊගාව පාර ඔක්කොම සෙට් වෙලා මොකක්හරි කරමු.
Deleteතන්තෝසයි තන්තෝසයි අප්‍රමාණ තන්තෝසයි.. ලට පට අලුත් වෙච්චි එකටයි කරපු වැඩේටයි..දෙකටම.. මේ දවස්වල බෝම අසාධ්‍යයි බොලල්ලා කාල වේලාවෙන්.. නැත්තන් විටක් කාරිය කාල යන්නවත් අපිත් ඔය වගේ වැඩ වලට මනාපෙන් එනවා..
ReplyDeleteමාත් මේ බ්ලොග් අතෑරල ඉන්න හදනකොට මේක ලියහං කියල මරණ තර්ජන ආව හින්ද දැම්මෙ.
Deleteවිටක් කාල දෙකක් දාල යන්න ඊගාව පාර සෙට් වෙමු.
අැයි දෙකක් දාමුකාේ කීපයක්ම???????
Deleteනියම වැඩක්...
ReplyDeleteජයවේවා..!!!
ස්තුතියි සම්පත්.
Deleteහම්මට හුඩු! කොහොමට ලියන්න හැකියාව තියෙන එකෙක්ද මේ හයිබර්නේට් වෙලා ඉන්නෙ. එළ තමා!
ReplyDeleteහයිබර්නේට් නෙමෙයි දැං ෂට් ඩවුන් වෙන්න බොහොම ළඟයි වගේ.
Deleteනෑ බොල රීස්ටාර්ට්...............
Deleteඕකට හරිම වචනේ කොරන්ටයින් කියන එක.
Deleteඒ අර වෛරස් ගාඩ් වල තියෙන එකද?
Deleteජයවේවා..!! වැඩේට
ReplyDeleteජයවේවා!!!! ලිපියට
ජයවේවා !! ලබ්බට. හැක්...
Deleteහම්මටසිරි නයා කිව්වලු මේ මෙතන අවුරුදු සැමරුම් වලට අමතර පොස්ට් එකක් දැක්කමයි..... ඒ ළමයින්ට පින්සිද්දවෙනවා මේ කරපු දේට
ReplyDeleteකොහෙද බොල නයා.
Deleteඔවු ඉතිං මේ පෝස්ට් එකනං උංට පින්සිද්දවෙන්න දාපු එකක් තමයි.
හත්තිලව්වයි අන්න කතාව....
Delete//ඒ ළමයින්ට පින්සිද්දවෙනවා මේ කරපු දේට//
ඒ තරම් පිනක්.... අැත්ත තමයි... මේ බ්ලොගයේ මකුළු දැල් කැඩුවට..... පට්ට කතාව...
ෆොටෝ වල ඉන්න පොඩි එවුන්ගේ හිනාවෙන්ම මේ කරපු දේ වටිනාකම පේනවා. වෙල්ඩන්.
ReplyDeleteඒ හිනාව හැමදාම රැඳෙන්න තමයි වැඩ කරන්න ඕන.
Deleteස්තුතියි.
සුපිරි වැඩක් සුභ පැතුම් !!
ReplyDelete2013 ඇවිල්ලා දෙක කියවලා ගියාට පස්සේ අද තමයි ආවේ පෝස්ට්ම දෙකක් දාලනේ මේ අවුරුද්දේ :)
කොහේ හරි පැටලෙන්න ඕනනෙ මේකෙ පෝස්ට් වැටෙන්න.
Deleteස්තුතියි කසුන්.
හොඳ වැඩක් මචෝ...
ReplyDeleteඒ කිව්වේ කරපු පිං අතේ වැඩෙයි පෝස්ට් එකක් දාපු එකටයි දෙකටම අදාළව. හෙහ් හෙහ්...
මට මතක විදිහට අපි 1996 හරි 1997 දී හරි වගේ ඉඳල අද දක්වාම ගමේ පන්සලට කඨින පුජාවට මල් අරගෙන එන ළමයින්ට පොත් පත් තෑගී විදිහට දෙනවා, ඒක අපේ පවුලේ අය එකතුවෙලා කරන වැඩක්...
මුල් කාලයේ අපි ඉගෙන ගන්න කාලේ නිසා දායකත්වය සැපයුවේ තාත්තා විතරයි...
පස්සේ තාත්ත නැති උනාට පස්සේ අපි එකතුවෙලා ඒ වැඩේ කරගෙන යනවා...
මුල් කාලේදී ළමයි 20 දෙනෙකුට වගේ තමයි තෑගී දුන්නේ, දැන් මේ අවුරුද්ද වෙද්දී ළමයි පණහකට වඩා ඉන්නවලු...
"ලු" කියන්න හේතුව මම මුල්‍යමය දායකත්වය දුන්නට 90 ගණන් වල ගියාට පස්සේ අද වෙනතුරු ඒ උත්සවයට ගිහින් නැහැ...
එහෙම පොඩියට හරි දෙයක් කරන එක වටිනව ලොකු පුතා. ඒකෙන් ඒ ළමයින්ගෙ දෙමාපියන්ගෙ බර ටිකක් හරි හෑල්ලු වෙනවනෙ.
Deleteසහභාගි වෙන්න බැරි ඔනාට උබ සම්මාදන් උනානේ ඒකම ලොකු පිනක්.
ReplyDeleteජය වේවා!!!
ස්තුතියි මහේෂ්.
Deleteබොහෝම වටිනා වැඩක් ප්‍රසා, අගේය.
ReplyDeleteස්තුතියි ඩීන්.
Deleteමම මුගේ මේ අටමගලෙ එල්ලුවා බ්ලොග් රෝලෙ. තව ටික දවසකින් මේකට ඒක හරහා එනවානං [End] Key එක ගහලා දසමයක් උඩට වරෙල්ලා.
ReplyDeleteමේක එන්ඩ් එකට යනකොට කියහං. ඔය මොකක්හරි කුණුහරුපයක් දාල අප් කරන්න බැරියැ.
Deleteසහෝදරයා වෙච්චි මට ඕක නොකිය හොර පාරේ ගියපු එක කැතයි.. වෙල් විදානෙත් එනවනං අර විසේකාර කුරුට්ටොත් ඉන්නවනං අපසාදේ නෙව මාත් එනවා මොකෝ ඉතිං කිලෝමීටර් බර ගානක් දුරයැ..
ReplyDeleteබෝම හොද වැඩක්.. මේ වගේ පොටෝ ටිකක් දැක්කා මතකයි. ඒත් වැඩේ හොදයි බං.. ලොකු සෝබන පබ්ලිසිටි නෑ.. වැඩේ ලස්සනට වෙලා.. අන්න ඒකයි වැදගත්. ජය වේවා
කොන්ක්‍රිට් කාරයා මික්සර් එක අනපු විත්තිය මට ඩැස්බෝඩ් එකේ පෙනුනේ නෑ නෙව.. මල හත්ඉලව්වයි.. හැක්.
මොනා කරන්නද බං. අපි මේ නිකං සයිඩ් සපෝට් එකක් දුන්න විතරනොවෙ. වැඩේ ප්ලෑන් කලේ කුරුට්ටොනෙ.
Deleteමේ කොන්ක්‍රීට් වඩිය දැම්මෙ හදිස්සියෙ නිසා මිස්සරේ හෝදල එහෙම ගන්න බැරි උනා. ඒ හින්ද බොගේ එකේ පෙන්නන්න නැතුව ඇති. හැක්..
ඔන්න නිවුන් සහෝදරයට මගේ ස්තුතිය. yela'''
පොඩි එවුන්ගෙ හිනාව දැක්කම බඩ පිරෙනව බං..ආයෙම ඔහොම දෙයක් සංවිධානය කරද්දි අපිටත් කියහං හොඳද?
ReplyDeleteඅනිවාර්යෙන් රවී අයියෙ. පළවෙනි වතාව හින්ද මේ ගමනට සමාව දුන මැනවි.
Deleteඅපේ ඔෆිස් එකේනම් පහුගිය සතියේ මේ වගේ වැඩක් කළා. මට යන්න වුණේ නෑ. අවුරුදු ගණනකට කලින් අගුනුකොලපලස්සේ ඉස්කෝලෙක මේ වගේ ව්‍යාපෘතියක් කරන්න. පොඩි එකෙක් පිළිගැනීමේ කථාව කළා, දෑස් වලින් කඳුළු ගලන්න. මම ගත්තු ෆොටෝස් පරණ ලැප් එකේ. අපරාදේ නැතිනම් ලස්සන් පොස්ට් එකක් දාන්න තිබුණා. වැඩේට මගේ ප්‍රණාමය. ඔන්න අපි නොලියා ඉන්නකොට ප්‍රසා ලියන්න පටන් ගත්තා. ප්‍රසා ලියනවා නම් අපි නොලියාම වුණත් ඉන්නම්.
ReplyDeleteඒ විසරත් ලියල දාමු සුදීකයියා.
Deleteයකෝ අපි නොලිව්වට බොලා නොලිය ඉඳල කොහොමද. එතකොට අපි මොනවයිද කොමෙන්ට් දාන්නෙ.
* විස්තරත්
Deleteඅප්පට සිරි කොන්ක්‍රීට් බ්ලොගෙත් දළු දාල තියෙන්නෙ මම දැන් නොවැ දැක්කෙ.දැන් ඉතිං අපි නොලීවත් කමක් නෑ ප්‍රසා ලියනවනෙ.
ReplyDeleteපිස්සුනං කොරන්න එපා හැලපයියෙ. හැලප නැත්තං කෑවෙ නෑ වගේ
DeleteHondha wadak, loku pinak, dewana adiyarayata apith sathutui ekathu wenna.
ReplyDeleteඅනිවාර්යෙන්ම.
Deleteස්තුතියි.
Welcome Prasa..
ReplyDeleteThank's Sarath Aiya.
Deleteමේ වගේ දෙයක් කලාට ඔයාලට බොහොම පිං.ගමක පාසලක ගුරුවරියක් හැටියට මං මේ තත්වෙ හොඳට දන්නවා.
ReplyDeleteඒත් මේ දරුවෝ ඉගෙන ගන්න ස්වභාවයෙන්ම උනන්දු නෑ.එයාලට ඉගෙන ගන්න සුදුසු ඉගනීමට යොමුකරවන පවුල් පරිසරයක් නෑ.ස්වයං පෙළඹවීමෙන් ඉගෙන ගන්න දරුවො ඉන්නේ 1/4 ක් විතර.අපි අසාර්ථකද කියල හිතෙනව වාර අවසානයේදී ප්‍රශ්න පත්‍ර බලද්දී.අකුරු ලියන්න බැරි අය 50ක් වත් ඉස්කෝලෙ ඉන්නවා.කොයි ගුරුවරයගෙන් හරි එයාලව හැලිලා.මේ තත්වෙ හරි කණගාටු දායකයි.අපි උත්සහා කරනව තමයි.ඒත් අනේ මන්දා............
හැම දෙයක්ම එකපාර විසඳන්න අමාරුයි තමයි. ඒත් මොකක් හරි නොකරනවට වඩා සුලුවෙන් හෝ දෙයක් කිරීම හොඳයි නෙ. ඔබ කියන එක ඇත්ත. අධ්‍යාපනය අතින් පහළ මට්ටමක ඉන්න දෙමව්පියන්ට දරුවන් ඉගෙන ගන්න එකේ වටිනාකම පැහැදිලි කරල දෙන්න ඕන.
Deleteස්තුතියි ඩබ්.කේ.
මේක දැක්කේ නැහැනේ. කොහෙද මේ බ්ලොගේ හංගලා තිබ්බේ. විශේෂයෙන් කොළඹ ගමයා බ්ලොකර් එකක් වත් දැම්මද ?
ReplyDeleteසොරි අජිත් අයියා උත්තර දෙන්න පමා උනාට.
Deleteමේක හංගල තියෙන්නෙ මේ අපේ උංගෙන් බේරෙන්න බැරි කමට තමයි. හැක්..
http://nelumyaya.com/?p=4975
ReplyDeleteස්තුතියි !!
Deleteමෙවන් සමාජ සත්කාර යළි යළිත් කිරීමේ වාසනාව ලැබේවා
ReplyDeleteස්තුතියි හංසි.
Deleteප්‍රසන්නගේ බ්ලොග් එක පැත්තේ මීට කලින් ඈවිත් තිබ්බට අද තමයි කමෙන්ට් එකක් දැම්මේ..
ReplyDeleteඅදවත් දාපු එකට ස්තුතිය පිළිගන්න.
Deleteපමාවෙලා ආවේ රෝල අප් ඩේට් නොවුන නිසා. වැඩේ නියමයි
ReplyDeleteස්තුතියි ඉයන්.
Deleteආපහු කොරන්න හිතාගෙන ඉන්නවා නම් දැනුවත් කොරන්ට.. මගේ කාසි කැටෙත් දෙන්නම්.
ReplyDeleteහොඳයි හොඳයි. ආපහු උනොත් කියන්නං.
Deleteස්තුතියි මේ පැත්තෙ ආවට.
අදයි මේ පැත්තෙ ආවෙ ප්‍රසන්න...//ආපහු කොරන්න හිතාගෙන ඉන්නවා නම් දැනුවත් කොරන්ට.. මගේ කාසි කැටෙත් දෙන්නම්//*2
ReplyDeleteහොඳයි හොඳයි. ආපහු උනොත් කියන්නං.
Deleteස්තුතියි මේ පැත්තෙ ආවට.x2 :D
හොඳ වැඩක් ගැන හොඳ ලිපියක්.
ReplyDelete